slpc.lk

පුවත්පත් ලියාපදිංචි කිරීම

1973 වසරේ ශී‍්‍ර ලංකා පුවත්පත් මණ්ඩලය ආරම්භ කිරීමත් සමඟ පුවත්පත් ලියාපදිංචි කිරීම එහි එක් ප‍්‍රමුඛ අරමුණක් විය.

පුවත්පත් ලියාපදිංචිය සඳහා කේන්ද්‍රිය විධිමත් රාජ්‍ය ආයතනයක් නොමැති වීමත්, සම්මත උසස්ම වෘත්තීය තත්ත්වයට අනුකූලව ශී‍්‍ර ලංකාවේ පුවත්පත්වල ස්වරූපය ආරක්ෂා කිරීමත්, අශ්ලීල හෝ අශෝභන පුවත්පත් බිහිවීම දුර්මුඛ කිරීමත්, පුවත්පත් ලියාපදිංචියත් සමඟ සිදුවිය. තවද 1973 අංක 5 දරන පුවත්පත් මණ්ඩල පනත 25, 26 වගන්ති අනුව කර්තෘවරුන් සහ අයිතිකරුවන් ස්වකීය පුවත්පත් ලියාපදිංචි කළ යුතු බව සඳහන් වේ.

පුවත්පත් ලියාපදිංචි කිරීමේදී පහත සඳහන් කරුණු සපුරාලිය යුතුය.

01. ශී‍්‍ර ලංකා පුවත්පත් මණ්ඩලය මඟින් පුවත්පත් ලියාපදිංචි කිරීමේ අයැදුම්පත‍්‍රයක් ලබා ගැනීම.

02. අයැදුම්පත පුරවා පුවත්පතේ/සඟරාවේ අයිතිකරුගේ, ප‍්‍රකාශකගේ, කර්තෘගේ හා මුද්‍රණකරුගේ ග‍්‍රාමසේවක සහතිකය (පදිංචිය සනාථ කිරීමේ සහතිකය* හා ජාතික හැඳුනුම්පතේ පිටපත් ද සමඟ ඉදිරිපත් කළ යුතුය.

03.    ඉහත ලේඛන සමඟ පුවත්පතේ/සඟරාවේ මුද්‍රිත පිටපත් තුනක් ද සමඟ මණ්ඩලයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඒ පිළිබඳව අධ්‍යක්ෂ මණ්ඩලය සලකා බැලීමෙන් අනතුරුව ලියාපදිංචිය සිදු කරනු ඇත.

පුවත්පත්/සඟරා ලියාපදිංචි කිරීමේ ගාස්තු (අංක 1979/2 දරණ 2013 පෙබරවාරි 15 දිනැති නව ගැසට් සංශෝදනයට අනුව)

දිනපතා පුවත්පත්                                                         -           රු. 5000/-

සතිපතා පුවත්පත් හා වෙනත්                                        -           රු. 3000/-

මාසික/ත්‍රෛමාසික හා වෙනත් පුවත්පත්/සඟරා              -           රු. 2000/-

තවද සෑම වසරකම මාර්තු 31 වනදාට පෙර පුවත්පත් ලියාපදිංචිය සිදු කළ යුතු අතර මාර්තු 31 න් පසු ප‍්‍රමාද වන සෑම මාසයක් සඳහාම රු.500ක ප‍්‍රමාද ගාස්තුවක් අය කෙරේ.

සෑම පුවත්පතක්ම වාර්ෂිකව ලියාපදිංචිය අලූත් කළ යුතු වේ.

downloadපුවත්පතක අයිතිකරුගේ නම ලියාපදිංචි කිරීම සඳහා අයදුම්පත‍්‍රය