slpc.lk

පුවත්පත් ලියාපදිංචි කිරීම

ශී‍්‍ර ලංකා පුවත්පත් මණ්ඩලය

පුවත්පත් ලියාපදිංචි කිරීම

1973 අංක 05 දරන ශී‍්‍ර ලංකා පුවත්පත් මණ්ඩල පනත අනුව මෙරට තුළ ප‍්‍රකාශනය කරනු ලබන සියලූම පුවත්පත්, සඟරා, වාර ප‍්‍රකාශන ශී‍්‍ර ලංකා පුවත්පත් මණ්ඩලයේ ලියාපදිංචි කළ යුතුය.

එබැවින් මෙතෙක් ලියාපදිංචි නොකරන ලද උක්ත ප‍්‍රකාශනයක් ඇතොත් ශී‍්‍ර ලංකා පුවත්පත් මණ්ඩලයේ අංක: 1797/21 රෙගුලාසි ප‍්‍රකාරව කඩිනමින් ලියාපදිංචි විය යුතු බව මෙයින් දන්වා සිටිමි.

01. දිනපතා පුවත්පතක් සම්බන්ධ ලියාපදිංචි කිරීමක් හෝ ලියාපදිංචිය අළුත් කිරීමක් සඳහා රුපියල් පන්දහසක් (රු. 5,000)
02. සතිපතා පුවත්පතක් සම්බන්ධ ලියාපදිංචි කිරීමක් හෝ ලියාපදිංචිය අළුත් කිරීමක් සඳහා රුපියල් තුන්දහසක් (රු. 3,000)
03. වෙනත් යම් පුවත්පතක් සම්බන්ධ ලියාපදිංචි කිරීමක් හෝ ලියාපදිංචිය අළුත් කිරීමක් සඳහා රුපියල් දෙදහසක් (රු. 2,000)

ඒ අනුව සෑම වසරකම මාර්තු 31 වන දිනෙන් පසුව ලියාපදිංචි කරන පුවත්පත් සඳහා මසකට රු. 500/- බැගින් ප‍්‍රමාද ගාස්තුවක් ගෙවිය යුතුය. තවද සෑම වසරකම පුවත්පත් ලියාපදිංචිය අළුත් කළ යුතුය.

පුවත්පත් ලියාපදිංචි කිරීමට අදාල අයැදුම්පත් පහත සඳහන් වෙබ් අඩවියෙන් ලබා ගත හැක.

downloadපුවත්පතක අයිතිකරුගේ නම ලියාපදිංචි කිරීම සඳහා අයදුම්පත‍්‍රය

පුවත්පත් පැමිණිලි භාර ගැනීම

ශී‍්‍ර ලංකාව තුළ ප‍්‍රකාශයට පත් කරනු ලබන කවර හෝ පුවත්පතක, කිසියම් තැනැත්තකු/ ආයතනයක් සම්බන්ධයෙන් සාවද්‍ය පුවත්/වාර්තා/ලිපි ඡුායාරූප පළ කිරීමේ හේතුවෙන් එවැනි තැනැත්තකු/ ආයතනයකට මානසික පීඩාවක්, අවමානයක් ඇති වී නම් ඒ පිළිබඳ ශී‍්‍ර ලංකා පුවත්පත් මණ්ඩලය වෙත පැමිණිලි කළ හැකිවේ. පැමිණිල්ල ලද පසු ඒ ගැන 1973 අංක 5 දරන ශී‍්‍ර ලංකා පුවත්පත් මණ්ඩල පනතට අනුව නිසි විමර්ශනයක් කොට නීති ප‍්‍රකාර කටයුතු කරනු ලැබේ.

ඒ අනුව අදාල පැමිණිල්ල පහත සඳහන් ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතුය.

පුවත්පත් කොමසාරිස්
ශී‍්‍ර ලංකා පුවත්පත් මණ්ඩලය
නො:155/15,
කාසල් වීදිය, බොරැල්ල,
කොළඹ 08.

වැඩිදුර විමසීම්:
දු.අ./ෆැක්ස් - 011 2693271
වෙබ් අඩවිය- www.slpc.lk