slpc.lk

“දැයට කිරුළ” ජාතික සංවර්ධන වැඩසටහන - 2013

ශී‍්‍ර ලංකා පුවත්පත් මණ්ඩලය මඟින් මෙවරද ප‍්‍රදර්ශන කුටියක් දැයට කිරුළ ප‍්‍රදර්ශන භූමියේ මාධ්‍ය කලාපයේ ඉදි කරන ලද අතර 2013.03.23 වන දින සිට 2013.03.30 දක්වා එය පවත්වන ලදි. මෙවර පවත්වන ලද ප‍්‍රදර්ශන කුටියේ විශේෂත්වය වුයේ ඊට සමගාමීව පුවත්පත් මණ්ඩලයේ අරමුණු ඇතුළත් වීදි නාට්‍යයක් රඟ දැක්වීමයි. ඊට අමතරව සිංහල පුවත්පත් කලාවේ පුරෝගාමීන්, පුවත්පත් කලාවේ වැදගත් සන්ධිස්ථාන හා ප‍්‍රවණතා ඇතුළත් ග‍්‍රන්ථයක් මහජනතාව වෙත බෙදා දෙන ලදි.

dayata kirula 1 dayata kirula 2 dayata kirula 3