slpc.lk

ලෝක නිදහස් ජනමාධ්‍ය දිනය වෙනුවෙන් ශි‍්‍ර ලංකා පුවත්පත් මණ්ඩලයෙන් වැඩසටහන් දෙකක්

ලෝක නිදහස් ජනමාධ්‍ය දිනය වෙනුවෙන් ශි‍්‍ර ලංකා පුවත්පත් මණ්ඩලයෙන් වැඩසටහන් දෙකක්

18320685 369413273460730 4400243587926902866 oශි‍්‍ර ලංකා පුවත්පත් මණ්ඩලය හා කැලණිය විශ්වවිද්‍යාලයේ සන්නිවේදන හා මාධ්‍ය ඒකකය එක්ව "ලෝක නිදහස් ජනමාධ්‍ය නිදහස් දින සැමරුම නිම්ත්තෙන්" "ජනමාධ්‍ය නියාමනය හා මාධ්‍ය නිදහස" මැයෙන් වැඩමුළුවක් පසුගියදා (2017/05/03) කැලණිය විශ්වවිද්‍යාල සාමාජ විද්‍යා පීඨ මණ්ඩල සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැත්විණි.

මෙම වැඩසටහන සඳහා කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ හිටපු අංශාධිපති එමෙන්ම ශි‍්‍ර ලංකා පුවත්පත් මණ්ඩලයේ අධ්‍යක්ෂක මණ්ඩල සාමාජික මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස, එම මණ්ඩලයේ සභාපති අධීනීතීඥ කොග්ගල වෙල්ලාල බන්දුල , ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය එම්.ජී.ආර් ඬේවිඞ් හා මාධ්‍යවේදී ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩු යන විද්වතුනගේ සහභාගිත්වයෙන් පැවැත්විය.

තවද "ලෝක නිදහස් ජනමාධ්‍ය දින සැමරුම හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සිරිලාල් කොඩිකාර මහතා ඇගයුම" නමින් තවත් සම්මන්ත‍්‍රණයක් ශි‍්‍ර ලංකා පුවත්පත් මණ්ඩලය හා කොලඹ විශ්වවිද්‍යාලයට අනුබද්ධිත ශි‍්‍ර පාලි මණ්ඩපයේ මුද‍්‍රිත මාධ්‍ය සංගමය එක්ව 2017.05.05 වන දින හොරණ ශි‍්‍ර පාලී මණ්ඩපයේ අරුන්දතී ශාලාවේදී පවත්වන ලදි.

මෙම වැඩසටහන සඳහා ද ශි‍්‍ර ලංකා පුවත් මණ්ඩලයේ සභාපති අධීනීතීඥ කොග්ගල වෙල්ලාල බන්දුල ,ශි‍්‍ර ලංකා පුවත්පත් මණ්ඩලයේ අධ්‍යක්ෂක මණ්ඩල සාමාජික මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ , ආචාර්ය ටියුඩර් වීරසිංහ හා ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විජයානන්ද රූපසිංහ යන විද්වතුන්ගේ සහභාගිත්වයෙන් පැවැත්විය.

ජනමාධ්‍යවේදීන්ගේ, ජනමාධ්‍ය විෂය හදාරණ විශ්වවිද්‍යාල සිසුන්ගේ, පාසල් සිසුන්ගේ හා එම විෂයට ලැදියාවක් දක්වන විවිධ වෘත්තිකයන් හා කණ්ඩායම්හි විෂයානුබද්ධ දැනුම වර්ධනය කිරීම අරමුණු කර මෙම සම්මන්ත‍්‍රණයන් පවත්වනු ලබන අතර ජයවර්ධනපුර, කැලණිය, කොළඹ හා ශි‍්‍රපාලි මණ්ඩපය යන විශ්වවිද්‍යාල නියෝජනය කරමින් සිසුන්, මාධ්‍යවේදීන් ඇතුළු තවත් කණ්ඩායම් ගණනාවක් මේ සඳහා සහභාගි විය.

මණ්ඩලය මඟින් සිදු කරනු ලබන මෙවැනි වූ ඉදිරි වැඩසටහන් පිළිබඳ විමසීම් ශි‍්‍ර ලංකා පුවත්පත් මණ්ඩලයේ පුවත්පත් කොමසාරිස් නිරෝෂණ තඹවිට මහතා මඟින් විමසීම් කළ හැකිය. (www.slpc.lk)

18320768 369413930127331 3848983751311574490 o

18320892 369414200127304 5437802301669189680 o 

18358588 369414110127313 6616810684779195426 o

18358814 369413390127385 6403062614626417992 o

18359041 369413400127384 807832120824642836 o

18359437 369414153460642 8647469922605383735 o

18401960 369413540127370 1589226768776901368 o

18402119 369413403460717 3984835038557810868 o

18402250 369414290127295 7172791983538448583 o

Read 153 times