slpc.lk

ඩිප්ලෝමා පාඨමාලාවේ VI වන කණ්ඩායමේ සමාරම්භක උත්සවය

ඩිප්ලෝමා පාඨමාලාවේ VI වන කණ්ඩායමේ සමාරම්භක උත්සවය

IMG 9287ශ‍්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය මඟින් මෙහෙයවනු ලබන  "ජනමාධ්‍ය අධ්‍යයනය සහ පුවත්පත් කලාව” පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාවේ VI වන කණ්ඩායමේ සමාරම්භක උත්සවය පසුගියදා (2017.04.12) පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශ ශ‍්‍රවණාගාරයේදී පැවැත්විණි.

යුනෙස්කෝ සංවිධානය මඟින් පුහුණු පුවත්පත් කලාවේදීන් සඳහා නිර්දේශ කර ඇති නිර්නායකයන් යටතේ මෙම ඩිප්ලෝමා පාඨමාලාවේ විෂය නිර්දේශය සකස් කර ඇති අතර විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගෙන් හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන්ගෙන් සැදුම්ලත් දේශක මණ්ඩලයක් විසින් මෙහි දේශන මෙහෙයවනු ඇත.

විශේෂයෙන්ම ආධුනික මාධ්‍යවේදීන්ගේ විෂයානුබද්ධ දැනුම වර්ධනය කිරීම අරමුණු කර මෙම පාඨමාලාව ආරම්භ කළ ද වර්තමානයේ විශ්ව විද්‍යාල සිසුන් හා විෂයට ඇල්මක් දක්වන කණ්ඩායම් වලටද මෙම පාඨමාලාවට සම්බන්ධවීමට අවකාශ සලසා ඇත.

ශි‍්‍ර ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති අධිනීතිඥ කොග්ගල වෙල්ලාල බන්දුල මහතා, ශි‍්‍ර ලංකා පුවත්පත් මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික සම්මානිත මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර මහතා, ශි‍්‍ර ලංකා පුවත්පත් මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ගාමිණි සුමනසේකර  මහතා මෙදින දේශන පැවැත්විය. 

තවද මෙම වැඩසටහන සඳහා පුවත්පත් මණ්ඩලයේ අධ්‍යක්ෂක මණ්ඩල සාමාජික ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී එස්. තිලෙයිනාදන් මහතාද පුවත්පත් කොමසාරිස් (වැ.බ.) නිරෝෂණ තඹවිට මහතා ද පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්රණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂක සංවර්ධන ජේ.ඩබ්.එස් කිත්සිරි මහතාද ඇතුළු විද්වතුන් රුසක් හා නවක සිසුන් සහභාගී විය.

IMG 9293

IMG 9299

Read 137 times