slpc.lk

ජනසන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය විෂය ඉගැන්වීමේ නියැලෙන ගුරුවරුන් සඳහා වූ සම්මන්ත‍්‍රණ මාලාව - (මධ්‍යම පළාත) - සංවිධානය : ශි‍්‍ර ලංකා පුවත්පත් මණ්ඩලය

ජනසන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය විෂය ඉගැන්වීමේ නියැලෙන ගුරුවරුන් සඳහා වූ සම්මන්ත‍්‍රණ මාලාව - (මධ්‍යම පළාත) - සංවිධානය : ශි‍්‍ර ලංකා පුවත්පත් මණ්ඩලය

ශි‍්‍ර ලංකා පුවත්පත් මණ්ඩලය මඟින් දීප ව්‍යාප්තව පළාත් පදනමින් ජනසන්නිවේදන විෂය ඉගැන්වීම් කටයුතුවල නියැලෙන ගුරුවරුන් සඳහා පවත්වනු ලබන වැඩමුළු මාලාවේ මධ්‍යම පළාත් වැඩමුළුව 2017.03.28 වන දින පෙ. ව 9.30 සිට ප.ව 4.00 දක්වා මහනුවර “ OAK - RAY” ආයතනයේදී පැවැත්විය.

ජනශ‍්‍රැතිය හා භාෂා භාවිිතය , පුවත්පත් කලා විකාශනයෙහි වැදගත් සන්ධිස්ථාන හා නූතන සන්නිවේදන ප‍්‍රවණතා, සහ සන්නිවේදනයේ විවිධ වර්ග සන්සන්දනාත්මකව විග‍්‍රහ කිරීම හා සුවිශේෂතා හඳුනා ගැනීම, යන මාතෘකා ඔස්සේ මෙම සම්මන්ත‍්‍රණය පවත්වන ලද අතර පිළිවෙලින් කැලණිය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මනෝජ් පුෂ්පකුමාර මහතා, කැලණිය විශ්ව විද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ හිටපු අංශාධිපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා හා ශි‍්‍ර ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සිංහල හා ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ අංශාධිිපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සේනානි හරිස්චන්ද්‍ර යන මහතා මෙදින දේශන පවත්වන ලදි.

ශි‍්‍ර ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති අධිනීතිඥ කොග්ගල වෙල්ලාල බන්දුල මහතා, පුවත්පත් මණ්ඩලයේ පුවත්පත් කොමසාරිස් (වැ.බ.* නිරෝෂණ තඹවිට මහතා හා , මධ්‍යම පළාත් අධ්‍යාපන කාර්යාලයේ අධ්‍යාපන අධ්‍යක්ෂක මහත්ම මහත්මීන් මෙම සම්මන්ත‍්‍රණය සඳහා සහභාගි වූ අතර වැඩසටහන දේශන සංවාද හා සාකච්ඡුා ඇසුරින් පැවැත්විය.

මෙම වැඩසටහනට සහභාගි වූ ගුරුවරුන් දන්වා සිටියේ අගනුවරින් බැහැර ප‍්‍රදේශ වලට ගොස් විෂය නිර්දේශ හා කාලින වශයෙන් වැදගත් මාතෘකා පිළිබඳව මෙවැනි දේශන පැවැත්වීම තම අධ්‍යයනික කටයුතුවලට මහත් ප‍්‍රයෝජනයක් වන බවයි.
පුවත්පත් මණ්ඩලයේ පුවත්පත් කොමසාරිස් නිරෝෂණ තඹවිට මහතා විසින් වැඩිදුරටත් දන්වා සිටියේ ජනමාධ්‍යවේදීන්, ගුරුවරුන් හා එම විෂය පිළිබඳ ලැදියාවක් දක්වන අයට මණ්ඩලය මඟින් පවත්වනු ලබන විවිධ වැඩසටහන් පිළිබඳව විමසීම් :අඅඅගිකචජගකන* මඟින් කළ හැකි බවයි.

Read 120 times