slpc.lk

"ජාතික සංහිඳියාව මෙරට තුළ ස්ථාපිත කිරීම සඳහා ජනමාධ්‍යවේදීයා සතු කාර්ය භාරය”

"ජාතික සංහිඳියාව මෙරට තුළ ස්ථාපිත කිරීම සඳහා ජනමාධ්‍යවේදීයා සතු කාර්ය භාරය”

IMG 9804ශි‍්‍ර ලංකා පුවත්පත් මණ්ඩලය මඟින් සංවිධානය කරනු ලබන ප‍්‍රාදේශීය මාධ්‍යවේදී වැඩමුළු මාලාවේ පුත්තලම දිස්ති‍්‍රක් ප‍්‍රාදේශිය මාධ්‍යවේදී වැඩමුළුව පුත්තලම “Chillaw Far Inn” ආයතනයේදී පසුගියදා (2017.03.04) පැවැත්විණි.

"ජාතික සංහිඳියාව මෙරට තුළ ස්ථාපිත කිරීම සඳහා ජනමාධ්‍යවේදීයා සතු කාර්ය භාරය” යන මාතෘකාව යටතේ පැවැත්වුණුු මෙම වැඩමුළුව සඳහා පුත්තලම දිස්ති‍්‍රක්කයේ මුුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය නියෝජනය කරන සියලූම ප‍්‍රාදේශීය මාධ්‍යවේදීන් සහභාගි විය.

ශි‍්‍ර ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති අධිනීතිඥ කොග්ගල වෙල්ලාල බන්දුල මහතා, කැලණිය විශ්ව විද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ හිටපු අංශාධිපති මාහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා , ශි‍්‍ර ලංකා පුවත්පත් මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ගාමිණි සුමනසේකර මහතා මෙදින දේශන පැවැත්වූ අතර වැඩසටහන දේශන සංවාද හා සාකච්ඡුා ඇසුරින් පැවැත්විය.

තවද මෙම වැඩසටහන සඳහා පුත්තලම දිස්ති‍්‍රක් හිටපු පාර්ලිමේන්තු මන්ති‍්‍ර ඇන්ටනී වික්ටර් පෙරේරා මහතා, කරුවලගස්වැව ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහකාර ප‍්‍රාදේශීය ලේකම් හර්ෂණ ජයසිරි මහතා හා පුවත්පත් මණ්ඩලයේ පුවත්පත් කොමසාරිස් (වැ.බ) නිරෝෂණ තඹවිට මහතා ද සහභාගි විය.

මෙම වැඩසටහනට සහභාගි වූ මාධ්‍යවේදීන් දන්වා සිටියේ කාලින වශයෙන් වැදගත් මාතෘකා පිළිබඳව මෙවැනි දේශන පැවැත්වීම තම වෘත්තිමය කටයුතුවලට මහත් ප‍්‍රයෝජනයක් වන බවයි.

IMG 9799

IMG 9832

Read 195 times