slpc.lk

"ජනමාධ්‍ය නියාමනය හා එහි ප‍්‍රවණතා” මාසික දේශන මාලාව - I

"ජනමාධ්‍ය නියාමනය හා එහි ප‍්‍රවණතා” මාසික දේශන මාලාව - I

16730280 328290910906300 5558662012250906859 nශි‍්‍ර ලංකා පුවත්පත් මණ්ඩලය මඟින් පවත්වනු ලබන මාසික දේශන මාලාවේ 2017 වර්ෂයේ ප‍්‍රථම දේශනය "ජනමාධ්‍ය නියාමනය හා එහි ප‍්‍රවණතා” මැයෙන් පසුගියදා (2017/02/14) කොළඹ පුස්තකාල හා ප‍්‍රලේඛන සේවා මණ්ඩලයේදී පැවැත්විණි.

මෙම වැඩසටහන පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් නීතීඥ නිමල් බෝපගේ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවත්වූ අතර මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස , මහාචාර්ය අජන්තා හපුආරච්චි හා , ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ගාමිණි සුමනසේකර යන විද්වතුන් කමිටු සාමාජිකයින් ලෙස කටයුතු කරන ලදි. සම්මානිත මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර මහතා එදින විද්වත් කමිටුව මෙහෙයවන ලදි.

ජනමාධ්‍යවේදීන්ගේ, ජනමාධ්‍ය විෂය හදාරණ විශ්ව විද්‍යාල සිසුන්ගේ, පාසල් සිසුන්ගේ හා එම විෂයට ලැදියාවක් දක්වන විවිධ වෘත්තිකයන් හා කණ්ඩායම්හි විෂයානුබද්ධ දැනුම වර්ධනය කිරීම අරමුණු කර මෙම සම්මන්ත‍්‍රණ පවත්වනු ලබන අතර ජයවර්ධනපුර , කැලණිය , කොළඹ හා ශි‍්‍රපාලි මණ්ඩපය යන විශ්වවිද්‍යාල නියෝජනය කරමින් සිසුන්, මාධ්‍යවේදීන් ඇතුළු තවත් කණ්ඩායම් ගණනාවක් මේ සඳහා සහභාගි විය.
ශි‍්‍ර ලංකා පුවත්පත් මණ්්ඩලයේ සභාපති අධිනීතීඥ කොග්ගල වෙල්ලාල බන්දුල මහතා, , ශි‍්‍ර ලංකා පුවත්පත් මණ්ඩලයේ අධ්‍යක්ෂක මණ්ඩල සාමාජික එස්. තිලෙයිනාදන් මහතා හා ශි‍්‍ර ලංකා පුවත්පත් මණ්්ඩලයේ පුවත්පත් කොමසාරිස් (වැ.බ) නිරෝෂණ තඹවිට මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රුසක්ද මේ සඳහා සහභාගි විය.
මෙම වැඩසටහන පිළිබඳ කරුණු දක්වමින් වැඩබලන පුවත්පත් කොමසාරිස් දන්වා සිටින්නේ සෑම මසකම මෙවැනි වැඩසටහන් පවත්වන බැවින් අදාල විෂයට ලැදියාවක් දක්වන ඕනෑම කෙනෙකුට මේ සඳහා සහභාගි විය හැකි බවයි.

16602865 328290830906308 576298080458367089 n

16602918 328291014239623 1080660978057176676 n

16649344 328290460906345 5546121733122785952 n

16684282 328290364239688 4318115490406084976 n

16708177 328290664239658 4579830971018770676 n

16708564 328291017572956 5089561622101811165 n

16729224 328291007572957 2216915957708122748 n

16729543 328290727572985 8052671868743167522 n

16730118 328292287572829 7345967999741318245 n

16730231 328290784239646 268905653032902198 n

16730413 328290424239682 5289496509310781634 n

16730471 328289330906458 5625006261538756900 n

Read 111 times