slpc.lk

ප‍්‍රාදේශීය මාධ්‍යවේදීන් සඳහා අර්ථ සාධක අරමුදල් ලබාදීම පිළිබඳ සලකා බැලීම

ප‍්‍රාදේශීය මාධ්‍යවේදීන් සඳහා අර්ථ සාධක අරමුදල් ලබාදීම පිළිබඳ සලකා බැලීම

ප‍්‍රාදේශීය මාධ්‍යවේදීන් විසින් ජනමාධ්‍ය ක්ෂේත‍්‍රය වෙනුවෙන් කරනු ලබන සේවාව හා ඔවුන්ට ඒ වෙනුවෙන් ජනමාධ්‍ය ආයතන වලින් ලැබෙන දීමනාව සඳහා අර්ථසාධක අරමුදල් ලබා ගැනීමේ ක‍්‍රමවේදයක් සකස් කරන ලෙසට ශි‍්‍ර ලංකා පුවත්පත් මණ්ඩලය වෙත අවස්ථා ගණනාවකදීම ඉල්ලීම් කරන ලදි. ඒ අනුව මේ පිළිබඳ සලකා බැලූ ශී‍්‍ර ලංකා පුවත්පත් මණ්ඩලය මෙම කටයුත්ත සම්බන්ධීකරණය කිරීම මණ්ඩලයෙන් ඉටු විය යුතුකමක් සේ සලකා කම්කරු හා වෘත්තීය සබඳතා අමාත්‍යාංශයේ ගරු අමාත්‍යතුමා සමඟත්, ඊට අදාල විවිධ පාර්ශවයන් සමඟත් සාකච්ඡුා කළ යුතු බවට තීරණය කරන ලදි.

ඒ අනුව මේ පිළිබඳ මූලීක සාකච්ඡුාවක් කම්කරු දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්තුමිය හා එම දෙපාර්තමේන්තුවේ අංශ ප‍්‍රධානීන් සමඟ 2017.02.14 වන දින පැවැත්වීය. එම සාකච්ඡුාවේදී මෙලෙස අර්ථසාධක අරමුදල් ලබාදීමේ හැකියාව පිළිබඳ දෙපාර්ශවය අතර සාකච්ඡුා සිදු කරන අතර එහිදී තිරණය කරනු ලැබුවේ ඊළඟ රුස්වීම ජනමාධ්‍ය ආයතන ප‍්‍රධානීන්, ප‍්‍රාදේශීය මාධ්‍යවේදී සංගම් නියෝජනය කරන නියෝජිතයින් හා මෙම කරුණට අදාල අනෙකුත් කණ්ඩායම් සමඟ පැවැත්විය යුතු බවයි.

මෙම සාකච්ඡුාව සඳහා ශි‍්‍ර ලංකා පුවත්පත් මණ්ඩලය වෙනුවෙන් එම මණ්ඩලයේ සභාපති අධිනීතීඥ කොග්ගල වෙල්ලාල බන්දුල මහතා සහ පුවත්පත් කොමසාරිස් (වැ.බ) නිරෝෂණ තඹවිට මහතා සහභාගි විය.

Read 108 times