slpc.lk

ජාතික සංහිඳියාව මෙරට තුළ ස්ථාපිත කිරීම සඳහා ජනමාධ්‍යවේදීයා සතු කාර්ය භාරය

ජාතික සංහිඳියාව මෙරට තුළ ස්ථාපිත කිරීම සඳහා ජනමාධ්‍යවේදීයා සතු කාර්ය භාරය

 MG 8894ශි‍්‍ර ලංකා පුවත්පත් මණ්ඩලය මඟින් සංවිධානය කරනු ලබන ප‍්‍රාදේශීය මාධ්‍යවේදී වැඩමුළු මාලාවේ මාතර දිස්ති‍්‍රක් ප‍්‍රාදේශිය මාධ්‍යවේදී වැඩමුළුව මාතර “GAGA ADDARA (PVT) LTD” ආයතනයේදී පසුගියදා ( 2016.12.10) පැවැත්විණි. 

"ජාතික සංහිඳියාව මෙරට තුළ ස්ථාපිත කිරීම සඳහා ජනමාධ්‍යවේදීයා සතු කාර්ය භාරය” යන මාතෘකාව යටතේ පැවැත්වුණුු මෙම වැඩමුළුව සඳහා මාතර දිස්ති‍්‍රක්කයේ මුුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය නියෝජනය කරන සියලූම ප‍්‍රාදේශීය මාධ්‍යවේදීන් සහභාගි විය.

ගරු මාතර දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්ති‍්‍ර බුද්ධ්ක පතිරණ මැතිතුමා, ශි‍්‍ර ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති අධිනීතිඥ කොග්ගල වෙල්ලාල බන්දුල මහතා, කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ හිටපු අංශාධිපති මාහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා , ශි‍්‍ර ලංකා පුවත්පත් මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ගාමිණි සුමනසේකර මහතා මෙදින දේශන පැවැත්වූ අතර වැඩසටහන දේශන සංවාද හා සාකච්ඡුා ඇසුරින් පැවැත්විය.

මෙම වැඩසටහනට සහභාගි වූ මාධ්‍යවේදීන් දන්වා සිටියේ කාලින වශයෙන් වැදගත් මාතෘකා පිළිබඳව පිළිබඳව මෙවැනි දේශන පැවැත්වීම තම වෘත්තිමය කටයුතුවලට මහත් ප‍්‍රයෝජනයක් වන බවයි.

තවද මෙම වැඩසටහන සඳහා මාතර දිස්ති‍්‍රක්කයේ දිස්ති‍්‍රක් ලේකම් ප‍්‍රදීප් රත්නායක මහතා හා පුවත්පත් මණ්ඩලයේ පුවත්පත් කොමසාරිස් (වැ.බ.) නිරෝෂණ තඹවිට මහතා ද සහභාගි විය. තවද නිරෝෂණ තඹවිට මහතා විසින් වැඩිදුරටත් දන්වා සිටියේ ජනමාධ්‍යවේදීන් හා එම විෂය පිළිබඳ ලැදියාවක් දක්වන අයට මණ්ඩලය මඟින් පවත්වනු ලබන විවිධ වැඩසටහන් පිළිබඳව විමසීම් (www.slpc.lk) මඟින් කළ හැකි බවයි.

 MG 8901

 MG 8922

 MG 8925

IMG 8969

IMG 8977

 MG 8897

 MG 8904

Read 269 times