slpc.lk

පුවත්පත් කලාවේ අභිවෘද්ධිය වෙනුවෙන් අනගිබවනීය මෙහෙවරක් ඉටුකරන ලද මාධ්‍යවේදීන් - ඉන්දීය පුවත්පත් මණ්ඩලය විසින් ඇගයීම

පුවත්පත් කලාවේ අභිවෘද්ධිය වෙනුවෙන් අනගිබවනීය මෙහෙවරක් ඉටුකරන ලද මාධ්‍යවේදීන් - ඉන්දීය පුවත්පත් මණ්ඩලය විසින් ඇගයීම

image-0-02-06-03e7a75d0c950135f1282a4325ff08198ad6adbf573bb4889389162b988ffeff-V2016/11/16 වන දින සිට 19 වන දින  දක්වා ඉන්දියාවේ නවදිල්ලි නගරයේදී ඉන්දියානු පුවත්පත් මණ්ඩල ස්වර්ණ ජයන්ති උත්සවය හා ඊට සමගාමීව වැඩසටන් ගණනාවක් පැවත්විනි. මෙහිදි දකුණු ආසියානු පුවත්පත් මණ්ඩල සහයෝගිතා සන්සදයක් පිහිටුවීමට යෝජනා වූ අතර ඊට අදාල කෙටුම්පත් වාර්තාවක්ද සකස් කරන ලදි.

මෙම සන්සදය මඟින් අපේක්ෂා කරන ලද්දේ විවිධ රටවල පුවත්පත් මණ්්ඩලයන්හි  ඉදිරි කටයුතු යම් අවබෝධාත්මක වැඩපිළිවෙලකට අනුව සිදුකිරීමත් සහයෝගීතා සන්සදයක් ලෙස ශක්තිමත් වීමත් රටවල් අතර සම්පත්, අත්දැකීම් හුවමාරු වීමත් අරමුණු කරගෙනය.

මෙම වැඩසටහනට සමගාමීව ඉන්දීය අගා‍්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතාගේ ප‍්‍රධානත්වයෙන් එරට පුවත්පත් කලාව වෙනුවෙන් අනගිභවනීය මෙහෙයක් ඉටු කළ ජ්‍යෙෂ්ඨ හා තරුණ මාධ්‍යවේදීන් ගණනාවක් සම්මානයට පාත‍්‍ර විය.

මෙම ස්වර්ණ ජයන්ති උත්සවය සඳහා ඉන්දීය පුවත්පත් මණ්ඩල නියෝජිතයන්ට අමතරව බංගලාදේශ , මාලදිවයින, නේපාල හා ඇෆ්ගනිස්ථාන් යන රටවල පුවත්පත් මණ්ඩල නියෝජනය කරමින් සාමාජිකයින්ද සහභාගි විය.

ශි‍්‍ර ලංකා පුවත්පත් මණ්ඩලය වෙනුවෙන් එම මණ්ඩලයේ සභාපති අධිනීතීඥ කොග්ගල වෙල්ලාල බන්දුල, අධ්‍යක්ෂක මණ්ඩල සාමාජික මහාචාර්ය සුනන්ද්‍ර මහේන්ද්‍ර මහතා හා පුවත්පත් කොමසාරිස් (වැ.බ) නිරෝෂණ තඹවිට මහතාද සහභාගි විය.

20161116 125003

20161116 144425

20161116 154202

image-0-02-06-8cbf925d75af6e152345b9b465ff341b994e575e44a1c2bf2eeb9b85a076523a-V

Read 247 times