slpc.lk

බලංගොඩ අධ්‍යාපන කලාපයේ පාසල් මාධ්‍ය වැඩමුළුව - ශි‍්‍ර ලංකා පුවත්පත් මණ්ඩලය

බලංගොඩ අධ්‍යාපන කලාපයේ පාසල් මාධ්‍ය වැඩමුළුව - ශි‍්‍ර ලංකා පුවත්පත් මණ්ඩලය

IMG 7230ශි‍්‍ර  ලංකා පුවත්පත් මණ්ඩලය මඟින් පවත්වනු ලබන පාසල් මාධ්‍ය වැඩමුළු මාලාවේ බලංගොඩ අධ්‍යාපන කලාපයේ පාසල් ආවරණය වන පරිදි වැඩමුළුවක් 2016.10.14 වන දින පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ගරු කරුණාරත්න පරණවිතාන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් බලං්ගොඩ ආනන්ද මෛත්‍රෙය විද්‍යාලයේදී පැවැත්විණි.

මාධ්‍ය සාක්ෂරතාවය හා රසවින්දනය පිළිබඳ පාසල් සිසුන් දැනුවත් කිරීම සඳහා පැවැත්වුණු මෙම වැඩමුළු සඳහා බලංගොඩ කලාපය නියෝජනය කරමින් සිසුන් 400 කට ආසන්න ප‍්‍රමාණයක් සභභාගී විය.

පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ගරු කරුණාරත්න පරණවිතාන මැතිතුමා කැලණිය විශ්ව විද්‍යාලයේ හිටපු ජනසන්නිවේදන අධ්‍යයන අංශ ප‍්‍රධානී සම්මානිත මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර මහතා සහ කැලණිය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විජයානන්ද  රූපසිංහ මහතා මෙදින සම්පත් දායකයින් ලෙස සහභාගී විය.

මෙම වැඩසටහන දේශන හා සංවාද ඇසුරින්  පැවැත්වූ අතර සම්මානිත නාට්‍ය අධ්‍යක්ෂවරයකු චාමික හත්ලහවත්ත මහතාගේ ළමා නාට්‍යයක්ද මෙදින වේදීකා ගත කරන ලදි.

මෙම වැඩමුළුව සඳහා ශි‍්‍ර ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති අධ්නීතිඥ කොග්ගල වෙල්ලාල බන්දුල මහතා, ශි‍්‍ර ලංකා පුවත්පත් මණ්ඩලයේ පුවත්පත් කොමසාරිස් (වැ.බ) නිරෝෂණ තඹවිට මහතා, පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම් ධම්මික නවරත්න මහතා, බලංගොඩ අධ්‍යාපන කලාප කාර්යාලය නියෝජනය කරන නිලධාරී මහතුන්, ප‍්‍රදේශයේ පාසල්වල විදුහල්පතිවරු ඇතුළු සම්භාවනීිය අමුත්තන් රැුසක් සහභාගි විය.

වැඩමුළුව අවසානයේ සියළුම සිසුන් වෙනුවෙන් සහභාගිත්ව සහතිකයක් හා පාසල් වල පුස්තකාලය වෙනුවෙන් වටිනා ප‍්‍රකාශන කට්ටලයක් ලබාදීමට ශි‍්‍ර ලංකා පුවත්පත් මණ්ඩලය මඟින් කටයුතු කරන ලදි.

IMG 7230

IMG 7249

IMG 7292

Read 250 times