slpc.lk

ජාතික සංහිඳියාව මෙරට තුළ ස්ථාපිත කිරීම සඳහා ජනමාධ්‍යවේදීයා සතු කාර්ය භාරය

ජාතික සංහිඳියාව මෙරට තුළ ස්ථාපිත කිරීම සඳහා ජනමාධ්‍යවේදීයා සතු කාර්ය භාරය

IMG 7049ශි‍්‍ර ලංකා පුවත්පත් මණ්ඩලය මඟින් සංවිධානය කරනු ලබන ප‍්‍රාදේශීය මාධ්‍යවේදී වැඩමුළු මාලාවේ ති‍්‍රකුණාමලය දිස්ති‍්‍රක් ප‍්‍රාදේශිය මාධ්‍යවේදී වැඩමුළුව පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ගරු කරුණාරත්න පරණවිතාන මැතිතුමාගේ් ප‍්‍රධානත්වයෙන් ති‍්‍රකුණාමලය  “JKAB HOTEL (PVT) LTD” ආයතනයේදී පසුගියදා   ( 2016.10.01)  පැවැත්විණි.

“ජාතික සංහිඳියාව මෙරට තුළ ස්ථාපිත කිරීම සඳහා ජනමාධ්‍යවේදීයා සතු කාර්ය භාරය” යන මාතෘකාව යටතේ  පැවැත්වුණුු මෙම වැඩමුළුව සඳහා ති‍්‍රකුණාමලය දිස්ති‍්‍රක්කයේ මුුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය නියෝජනය කරන සියලූම ප‍්‍රාදේශීය මාධ්‍යවේදීන් හා  එම දිස්ති‍්‍රක්කයේ පාසල්වල ජනසන්නිවේදන විෂය ඉගැන්වීමේ නියැලෙන ගුරුවරුන් හා නැගෙනහිර විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන විෂය හදාරණ ශිෂ්‍යයන්ද සහභාගි විය.

ශි‍්‍ර ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති අධිනීතිඥ කොග්ගල වෙල්ලාල බන්දුල මහතා, කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ හිටපු අංශාධිපති මාහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා , ශි‍්‍ර ලංකා පුවත්පත් මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී එස්.තිලෙයිනාදන්  මහතා මෙදින දේශන පැවැත්වූ අතර වැඩසටහන දේශන සංවාද හා සාකච්ඡුා ඇසුරින් පැවැත්විය.

මෙම වැඩසටහනට සහභාගි වූ මාධ්‍යවේදීන් දන්වා සිටියේ කාලින වශයෙන් වැදගත් මාතෘකා පිළිබඳව පිළිබඳව මෙවැනි දේශන පැවැත්වීම තම වෘත්තිමය කටයුතුවලට මහත් ප‍්‍රයෝජනයක් වන බවයි.

තවද මෙම වැඩසටහන සඳහා නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ගරු ඔස්ටින් ප‍්‍රනාන්දු මහතා, පාර්ලිමේන්තු මන්ති‍්‍ර ගරු අබ්දුල් මහරුෆ් මැතිතුමා, ති‍්‍රකුණාමලය දිස්ති‍්‍රක් ලේකම් වෙනුවෙන් පරිපාලන නිලධාරී එස්.කේ.ඞී. නෙරංජන් මහතා හා පුවත්පත් මණ්ඩලයේ පුවත්පත් කොමසාරිස් (වැ.බ) නිරෝෂණ තඹවිට මහතා ද සහභාගි විය. තවද ඒ මහතා විසින් වැඩිදුරටත් දන්වා සිටියේ ජනමාධ්‍යවේදීන් හා එම විෂය පිළිබඳ ලැදියාවක් දක්වන අයට මණ්ඩලය මඟින් පවත්වනු ලබන විවිධ වැඩසටහන් පිළිබඳව විමසීම් (www.slpc.lk) මඟින් කළ හැකි බවයි.

මෙම වැඩමුළුව සඳහා ති‍්‍රකුණාමලය දිස්ති‍්‍රක් ලේකම් එන්.ඒ.ඒ.පුෂ්පකුමාර මහතා ශී‍්‍ර ලංකා පුවත්පත් මණ්ඩලය නියෝජනය කරමින් පුවත්පත් කොමසාරිස් (වැ.බ) නිරෝෂණ තඹවිට මහතාද, සහභාගි විය. මෙම වැඩමුළුව සඳහා නැගෙනහිර පලාත් ආණ්ඩුකාර ගරු ඔස්ටින් ප‍්‍රනාන්දු මහතා, පාර්ලිමේන්තු මන්ති‍්‍ර ගරු අබ්දුල් මහරුෆ් මහතාද මෙදින සහභාගි විය.

IMG 7020

IMG 7067

IMG 7122

Read 234 times