slpc.lk

ශි‍්‍ර ලංකා පුවත්පත් මණ්ඩලය මඟින් පවත්වනු ලබන මාසික දේශන මාලාව - VI

ශි‍්‍ර ලංකා පුවත්පත් මණ්ඩලය මඟින් පවත්වනු ලබන මාසික දේශන මාලාව - VI

14206184 1445967615417291 2438061112006583594 oශි‍්‍ර ලංකා පුවත්පත් මණ්ඩලය මඟින් පවත්වනු ලබන මාසික දේශන මාලාවේ හයවන දේශනය පොදු රාජ්‍ය මණ්ඩලයීය රටවලට විශේෂිතව සන්නිවේදනයේ නිදහස්වාදී ප‍්‍රකාශන ආකෘතීන් සැලසුම් කිරීම” මැයෙන් පසුගියදා (2016/08/31) කොළඹ පුස්තකාල හා ප‍්‍රලේඛන සේවා මණ්ඩලයේදී පැවැත්විණි.

මෙදින දේශනය මෙහෙයවන ලද්දේ ඕස්ෙටි‍්‍රලීයාවේ ගි‍්‍රෆීත් විශ්ව විද්‍යාලයේ පුවත්පත් කලාව හා සමාජ මාධ්‍ය පිළිබඳ මහාචාර්ය මාර්ක් පියර්සන් මහතා විසිනි. ඒ මහතා විසින් මෙදින ඉහත මාතෘකාවට අදාල ඕස්ටේ‍්‍රලීයාවේ භාවිතාවන් හා පොදු රාජ්‍ය මණ්ඩලීය රටවලට ඒවා කොතරම් අදාලද යන්න පිළිබඳව සාකච්ඡුාවට බඳුන් කරන ලදි.

ජනමාධ්‍යවේදීන්ගේ, ජනමාධ්‍ය විෂය හදාරණ විශ්ව විද්‍යාල සිසුන්ගේ, පාසල් සිසුන්ගේ හා එම විෂයට ලැදියාවක් දක්වන විවිධ වෘත්තිකයන් හා කණ්ඩායම්හි විෂයානුබද්ධ දැනුම වර්ධනය කිරීම අරමුණු කර මෙම සම්මන්ත‍්‍රණ පවත්වනු ලබන අතර ජයවර්ධනපුර, කැලණිය, කොළඹ හා ශි‍්‍රපාලි මණ්ඩපය යන විශ්වවිද්‍යාල නියෝජනය කරමින් සිසුන්, මාධ්‍යවේදීන් ඇතුළු තවත් කණ්ඩායම් ගණනාවක් සහභාගි විය.

ශි‍්‍ර ලංකා පුවත්පත් මණ්්ඩලයේ සභාපති අධිනීතීඥ කොග්ගල වෙල්ලාල බන්දුල මහතා, , කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ අංශාධිපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා,මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර මහතා. ශි‍්‍ර ලංකා පුවත්පත් මණ්ඩලයේ අධ්‍යක්ෂක මණ්ඩල සාමාජික එස්. තිලෙයිනාදන් මහතා, ශි‍්‍රපාලි මණ්ඩපයේ ආචාර්ය සුගත් සෙනරත් මහතා, කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විජයානන්ද රූපසිංහ මහතා සහ ශි‍්‍ර ලංකා පුවත්පත් මණ්්ඩලයේ පුවත්පත් කොමසාරිස් (වැ.බ* නිරෝෂණ තඹවිට මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රුසක් සහභාගි විය.

මෙම වැඩසටහන පිළිබඳ කරුණු දක්වමින් වැඩබලන පුවත්පත් කොමසාරිස් දන්වා සිටින්නේ සෑම මසකම මෙවැනි වැඩසටහන් පවත්වන බැවින් අදාල විෂයට ලැදියාවක් දක්වන ඔනෑම කෙනෙකුට මේ සඳහා සහභාගි විය හැකි බවයි.

ඡුායාරූප - දීලීප වීරසිංහ

2

Read 355 times