slpc.lk

තොරතුරු දැන ගැනීමේ අයිතිය හා එහි වැදගත්කම - මැයෙන් වැඩමුළුවක්

තොරතුරු දැන ගැනීමේ අයිතිය හා එහි වැදගත්කම - මැයෙන් වැඩමුළුවක්

13923529 1426498067364246 4228537032965755910 o 1ශි‍්‍ර ලංකා පුවත්පත් මණ්ඩලය මඟින් සංවිධානය කරනු ලබන ප‍්‍රාදේශීය මාධ්‍යවේදී වැඩමුළු මාලාවේ ගාල්ල දිස්ති‍්‍රක් ප‍්‍රාදේශිය මාධ්‍යවේදී වැඩමුළුව පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගරු ගයන්ත කරුණාතිලක මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් හා නියෝජ්‍ය අමාත්‍ය ගරු කරුණාරත්න පරණවිතාන මැතිතුමාගේ සහභාගිත්වයෙන් "Sea Line" ආයතනයේදී පසුගියදා ( 2016.08.13) පැවැත්විණි. තවද එම අමාත්‍යාංශයේ ලේකම් නීතිඥ නිමල් බෝපගේ මහතාද මෙම උත්සව අවස්ථාව සඳහා සහභාගි විය.

තොරතුරු දැන ගැනීමේ අයිතිය හා එහි වැදගත්කම” යන මාතෘකාව යටතේ පැවැත්වුණුු මෙම වැඩමුළුව සඳහා ගාල්ල දිස්ති‍්‍රක්කයේ මුුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය නියෝජනය කරන සියලූම ප‍්‍රාදේශීය මාධ්‍යවේදීන් සහභාගි විය.

ශ‍්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති අධිනීතිඥ කොග්ගල වෙල්ලාල බන්දුල මහතා හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් දෙපලක් වන ආරියනන්ද දොඹගහවත්ත හා ගාමිණී සුමනසේකර යන මහත්වරුන් විසින් මෙදින දේශන පැවැත්වූ අතර වැඩසටහන දේශන සංවාද හා සාකච්ඡුා ඇසුරින් පැවැත්විය.

මෙම වැඩසටහනට සහභාගි වූ මාධ්‍යවේදීන් දන්වා සිටියේ තොරතුරු දැන ගැනීමේ පනත පිළිබඳව දිස්ත‍්‍රික් මට්ටමින් ශ‍්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය මඟින් මෙවැනි කාලීන වශයෙන් වැදගත් මාතෘකා පිළිබඳව දේශන පැවැත්වීම තම වෘත්තිමය කටයුතුවලට මහත් ප‍්‍රයෝජනයක් වන බවයි.

තවද මෙම වැඩසටහන සඳහා ගාල්ල දිස්ත‍්‍රික් ලේකම් එස්.ටී.කොඩිකාර මහතා ද, අතිරේක දිස්ත‍්‍රික් ලේකම්තුමිය හා පුවත්පත් මණ්ඩලයේ පුවත්පත් කොමසාරිස් (වැ.බ.) නිරෝෂණ තඹවිට මහතා ද සහභාගි විය. තවද ඒ මහතා විසින් වැඩිදුරටත් දන්වා සිටියේ ජනමාධ්‍යවේදීන් හා එම විෂය පිළිබඳ ලැදියාවක් දක්වන අයට මණ්ඩලය මඟින් පවත්වනු ලබන විවිධ වැඩසටහන් පිළිබඳව විමසීම් (www.slpc.lk) කළ හැකි බවයි.

13913636 1426517870695599 3206891700018060790 o 1

13923672 1426497884030931 8361111066698926834 o

13963027 1426498077364245 8649251331539990902 o 1

13975454 1426498177364235 2401632037310692698 o

13987373 1426498247364228 8128392166182984485 o

Read 210 times