slpc.lk

"ආපදා වාර්තා කිරීමේදී ජනමාධ්‍යවේදීයාගේ කාර්යභාරය”

"ආපදා වාර්තා කිරීමේදී ජනමාධ්‍යවේදීයාගේ කාර්යභාරය”

IMG 6722ශි‍්‍ර ලංකා පුවත්පත් මණ්ඩලය මඟින් සංවිධානය කරනු ලබන ප‍්‍රාදේශීය මාධ්‍යවේදී වැඩමුළු මාලාවේ කෑගල්ල දිස්ති‍්‍රක් ප‍්‍රාදේශිය මාධ්‍යවේදී වැඩමුළුව කෑගල්ල දිස්ති‍්‍රක් ලේකම් ඩබ්ලිව් .එම්. අබේවික‍්‍රම වනසූරීය මහතා ගේ සහ ශි‍්‍ර ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් "The Grand Ralidiya" ආයතනයේදී පසුගියදා (2016.07.23) පැවැත්විණි.

"පශ්චාත් ආපදා වාර්තාකරණය” යන මාතෘකාව යටතේ පැවැත්වුණුු මෙම වැඩමුළුව සඳහා කෑගල්ල දිස්ති‍්‍රක්කයේ මුුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය නියෝජනය කරන සියලූම ප‍්‍රාදේශීය මාධ්‍යවේදීන් හා එම දස්ති‍්‍රක්කයේ පාසල් වල ජනසන්නිවේදන විෂය ඉගැන්වීමේ නියැලෙන ගුරුවරුන් සහභාගි විය.
කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ අංශාධිපති මාහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස, ශි‍්‍ර ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති අධිනීතිඥ කොග්ගල වෙල්ලාල බන්දුල, කෑගල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජගත් මහේන්ද්‍ර යන මහත්වරු මෙදින දේශන පැවැත්වූ අතර සහකාර දිස්ති‍්‍රක් ලේකම් කේ.ඒ. සමන් අනුර මහතාගේ මූලිකත්වයෙන් සාකච්ඡ වාරය හා වැඩසටහන් සමාලෝචනය පවත්වන ලදි.
පසුගියදා සිදු වූ නායයාම හේතුවෙන් වාර්තාකරණයේදී තමන් මුහුණ දුන් අත්දැකීම් විස්තර කරමින් මාධ්‍යවේදීන් දන්වා සිටියේ මෙවැනි වැඩමුළු තමන්ගේ වෘත්තිමය කටයුතු වලට මහත් ප‍්‍රයෝජනයක වන බවයි.
මෙම වැඩමුළුව සඳහා ශී‍්‍ර ලංකා පුවත්පත් මණ්ඩලය නියෝජනය කරමින් පුවත්පත් කොමසාරිස් (වැ.බ) නිරෝෂණ තඹවිට මහතාද, විදේශීය නිරීක්ෂකයින් පිරිසක්ද සහභාගි විය.

IMG 6718

IMG 6732

IMG 6735

Read 209 times