slpc.lk

ඹෟෂධ දැන්වීම් සඳහා උපමාන මාලාවක් සකස් කිරිම

ඹෟෂධ දැන්වීම් සඳහා උපමාන මාලාවක් සකස් කිරිම

ශ‍්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය මඟින් මෑතකදී කරන ලද නිරීක්ෂණයන්ට අනුව ප‍්‍රමිතියෙන් තොර ඹෟෂධ දැන්වීම් විවිධ ජනමාධ්‍ය මඟින් පළ කිරීම හේතුවෙන් මහජනතාව මහත් අපහසුතාවයට පත්වන බවට දැන ගැනීමට ලැබී ඇත. ඒ අනුව ඇතැම් පාර්ශවයන් මණ්ඩලයට වරින් වර දන්වා ඇත්තේ එම දැන්වීම්වලට අනුව ඹෟෂධ මිලදී ගැනීමේදී හා ඒවා පරිහරණය කිරීමේදී විවිධ අපහසුතා හා ගැටලූවලට මුහුණපාන බවයි.

එබැවින් මෙකී කරුණ පිළිබඳව අප අධ්‍යක්ෂක මණ්ඩලය ඉතා දීර්ඝ ලෙස සාකච්ඡුා කර ඹෟෂධ දැන්වීම් පළ කිරීමේදී අනුමත උපමාන මාලාවක් අනුගමනය කිරීම වඩා ඵලදායි බවට යෝජනා කෙරිණ.

ඒ අනුව මේ පිළිබඳ මූලික සාකච්ඡුාවක් වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතාගේ සහභාගිත්වයෙන්ද අන්තරායක ඹෟෂධ පාලක මණ්ඩලයේ හා ආයුර්වේද වෛද්‍ය සභාවේ නියෝජිත මහතුන්ගේ සහභාගිත්වයෙන්ද පැවැත්විණි.

එහිදී ගන්නා ලද නිර්දේශයන්ට අනුව කාලීන වශයෙන් සාකච්ඡුාවට බඳුන් විය යුතු මෙම කරුණ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්තුමා හා එම අමාත්‍යාංශයට අනුබද්ධව ඇති ආයතනයන්හි ආයතන ප‍්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් සාකච්ඡුාවක් පසුගිය දින (2016.07.12) සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේදී පැවැත්වුනු අතර මෙහි ඇති වැදගත්කම හේතවෙුන් විෂය භාර අමාත්‍යවරුන්ගේ ප‍්‍රධානත්වයෙන් තවදුරටත් සාකච්ඡුා කළ යුතු බවට තීරණය කරන ලදි.

මෙම සාකච්ඡුාව සඳහා ශ‍්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය නියෝජනය කරමින් එහි සභාපති අධිනීතිඥ කොග්ගල වෙල්ලාල බන්දුල, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික මෙන්ම කැලණිය විශ්ව විද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ අංශාධිපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා හා කොමසාරිස් වශයෙන් මාද සහභාගි විය.

සෞඛ්‍ය අමාත්‍යාංශය නියෝජනය කරමින් එම අමාත්‍යාංශයේ ලේකම් අනුර ජයවික‍්‍රම, වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා, ආයුර්වේද වෛද්‍ය සභාවේ ලේඛකාධිකාරි ආර්.එල්. රණසිංහ, ජාතික ඹෟෂධ නියාමන අධිකාරියේ ප‍්‍රධාන විධායක නිලධාරි කමල් ජයසිංහ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය බී.වී.එස්.එච්. බෙනරගම, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප‍්‍රධාන නීති නිලධාරි රියාස් හමීඞ් යන මහත්ම මහත්මීන් සහභාගි විය.

එබැවින් ඉහත කරුණ පිළිබඳ ප‍්‍රවෘත්තියක් ඔබ පුවත්පතේ/ වෙබ් අඩවියේ / නාලිකාවේ පළ කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

නිරෝෂණ තඹවිට
පුවත්පත් කොමසාරිස් (වැ.බ.)

Read 249 times