slpc.lk

රත්නපුර දිස්ති‍්‍රක් පාසල් මාධ්‍ය වැඩමුළුව - ශි‍්‍ර ලංකා පුවත්පත් මණ්ඩලය

රත්නපුර දිස්ති‍්‍රක් පාසල් මාධ්‍ය වැඩමුළුව - ශි‍්‍ර ලංකා පුවත්පත් මණ්ඩලය

ශි‍්‍ර ලංකා පුවත්පත් මණ්ඩලය මඟින් පවත්වනු ලබන පාසල් මාධ්‍ය වැඩමුළු මාලාවේ රත්නපුර දිස්ති‍්‍රක්කයේ පාසල් ආවරණය වන පරිදි පාසල් මාධ්‍ය වැඩමුළුවක් 2016.05.12 වන දින පෙ.ව 8.30 ට රත්නපුර ෆර්ගසන් උසස් විද්‍යාලයේදී පැවැත්විණි.

මාධ්‍ය සාක්ෂරතාවය හා රසවින්දනය පිළිබඳ පාසල් සිසුන් දැනුවත් කිරීම සඳහා පැවැත්වුණු මෙම වැඩමුළු සඳහා රත්නපුර දිස්ති‍්‍රක්කය නියෝජනය කරමින් සිසුන් 400 කට ආසන්න ප‍්‍රමාණයක් සභභාගී වු අතර කැලණිය විශ්ව විද්‍යාලයේ හිටපු ජනසන්නිවේදන අධ්‍යයන අංශ ප‍්‍රධානී සම්මානිත මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර මහතා, කැලණිය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විජයානන්ද රූපසිංහ මහතා හා සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සමන් පනාපිටිය මහතා යන විද්වතුන් මෙදින සම්පත් දායකයින් ලෙස සහභාගී විය. එදින වැඩසටහන දේශන හා සංවාද ඇසුරින් පැවැත්විය.

මෙම වැඩමුළුව සඳහා පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ගරු කරුණාරත්න පරණවිතාන මැතිතුමා ශි‍්‍ර ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති අධ්නීතිඥ කොග්ගල වෙල්ලාල බන්දුල මහතා, ශි‍්‍ර ලංකා පුවත්පත් මණ්ඩලයේ වැඩබලන පුවත්පත් කොමසාරිස් නිරෝෂණ තඹවිට මහතා, අධ්‍යාපන කලාප වල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරු හා පාසල්වල විදුහල්පතිවරු ඇතුළු සම්භාවනීිය අමුත්තන් රැුසක් සහභාගි විය.

වැඩමුළුව අවසානයේ සියළුම සිසුන් වෙනුවෙන් සහභාගිත්ව සහතිකයක් හා පාසල් වල පුස්තකාලය වෙනුවෙන් වටිනා ප‍්‍රකාශන කට්ටලයක් ලබාදීමට ශි‍්‍ර ලංකා පුවත්පත් මණ්ඩලය මඟින් කටයුතු කරන ලදි.

13165876 10153792687112087 1848362290810471085 n

13165879 10153792683482087 2530697670428483115 n

13173752 10153792685152087 3641038119686709310 n

13177652 10153792687502087 8130442048917325022 n

13178525 10153792688217087 3300553257902596207 n

13240532 10153792686702087 9187750800700446643 n

13240600 10153792689142087 773463994516305968 n

13241186 10153792687542087 90318532535703721 n

Read 256 times