slpc.lk

"ජනමාධ්‍යයේ නූතන ප‍්‍රවණතා හා ජනතා අපේක්ෂා” මැයෙන් යුත් වැඩමුළුව

"ජනමාධ්‍යයේ නූතන ප‍්‍රවණතා හා ජනතා අපේක්ෂා” මැයෙන් යුත් වැඩමුළුව

ශි‍්‍ර ලංකා පුවත්පත් මණ්ඩලය මඟින් පවත්වනු ලබන මාසික දේශන මාලාවේ සිවිවන දේශනය ර්‍ණජනමාධ්‍යයේ නූතන ප‍්‍රවණතා හා ජනතා අපේක්ෂා” මැයෙන් පසුගියදා (2016/05/03) රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ‍්‍රවණාගාරයේදී පැවත්විණි. මෙදින දේශණය මෙහෙයවන ලද්දේ කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ අංශාධිපති එමෙන්ම ශි‍්‍ර ලංකා පුවත්පත් මණ්ඩල සාමාජික මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා විසිනි.


2016.05.03 වන දිනට යෙදුනු ලෝක නිදහස් ජනමාධ්‍යය දිනය නිමිත්තෙන් මෙම වැඩමුළුව පවත්වනු ලැබූ අතර මේ සඳහා රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ සහය ලැබිනි.
ජනමාධ්‍යවේදීන්ගේ, ජනමාධ්‍ය විෂය හදාරණ විශ්ව විද්‍යාල සිසුන්ගේ, පාසල් සිසුන්ගේ හා එම විෂයට ලැදියාවක් දක්වන විවිධ වෘත්තිකයන් හා කණ්ඩායම්හි විෂයානුබද්ධ දැනුම වර්ධනය කිරීම අරමුණු කර මෙම සම්මන්ත‍්‍රණ පවත්වනු ලබන අතර ජයවර්ධනපුර , කැලණිය , කොළඹ හා ශි‍්‍රපාලි මණ්ඩපය යන විශ්වවිද්‍යාල නියෝජනය කරමින් සිසුන්, මාධ්‍යවේදීන් ඇතුළු තවත් කණ්ඩායම් ගණනාවක් සහභාගි විය.
මෙම උත්සවය සඳහා පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ගරු කරුණාරත්න පරණ විතාන මැතිතුමා , එම අමාත්‍යාංශයේ ලේකම් නීතීඥ නිමල් බෝපගේ මහතා, ශි‍්‍ර ලංකා පුවත්පත් මණ්්ඩලයේ සභාපති අධිනීතීඥ කොග්ගල වෙල්ලාල බන්දුල මහතා, රජයේ ප‍්‍රවෘත්ති අධ්‍යක්ෂක ජනරාල් දර්ෂණී ගුණතිලක මහත්මිය ,මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර මහතා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ගාමිණි සුමනසේකර මහතා, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී එස්. තිලෙයිනාදන් මහතා සහ ශි‍්‍ර ලංකා පුවත්පත් මණ්්ඩලයේ පුවත්පත් කොමසාරිස් නිරෝෂණ තඹවිට මහතා ඇතුලූ සම්භාවනීය අමුත්තන් රුසක් සහභාගි විය. එදින වැඩමුළුවේ විද්වත් කමිුවේ සමාජික ලෙස ර්‍ණඔයැ සික්බා” පුවත්පතේ ප‍්‍රවෘත්ති කර්තෘ ශ‍්‍රමින්ද්‍ර ෆර්ඩිනැන්ඩු මහතා සහභාගි විය.
මෙම වැඩසටහන පිළිබඳ කරුණු දක්වමින් වැඩබලන පුවත්පත් කොමසාරිස් දන්වා සිටින්නේ සෑම මසකම මෙවැනි වැඩසටහන් පවත්වන බැවින් විෂයට ලැදියාවක් දක්වන ඔනෑම කෙනෙකුට මේ සඳහා සහභාගි විය හැකි බවයි.

slpc1 1

slpc2 1

slpc3 1

slpc4 1

Read 282 times