slpc.lk

"ගවේෂණාත්මක වාර්තාකරණය හා වත්මන් ප‍්‍රවණතා” ශි‍්‍ර ලංකා පුවත්පත් මණ්ඩලය මඟින් පවත්වනු ලබන සම්මන්ත‍්‍රණ මාලාව

"ගවේෂණාත්මක වාර්තාකරණය හා වත්මන් ප‍්‍රවණතා” ශි‍්‍ර ලංකා පුවත්පත් මණ්ඩලය මඟින් පවත්වනු ලබන සම්මන්ත‍්‍රණ මාලාව

ශි‍්‍ර ලංකා පුවත්පත් මණ්ඩලය මඟින් පවත්වනු ලබන මාසික දේශන මාලාවේ තෙවන දේශනය ර්‍ණගවේෂණාත්මක වාර්තාකරණය හා එහි වත්මන් ප‍්‍රවණතා” මැයෙන් පසුගියදා (2016/02/26) රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ‍්‍රවණාගාරයේදී පැවත්විණි. මෙදින දේශණය මෙහෙයවන ලද්දේ "රාවය” පුවත්පතේ උපදේශක කර්තෘ, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතා විසිනි.

ජනමාධ්‍යවේදීන්ගේ, ජනමාධ්‍ය විෂය හදාරණ විශ්ව විද්‍යාල සිසුන්ගේ, පාසල් සිසුන්ගේ හා එම විෂයට ලැදියාවක් දක්වන විවිධ වෘත්තිකයන් හා කණ්ඩායම්හි විෂයානුබද්ධ දැනුම වර්ධනය කිරීම අරමුණු කර මෙම සම්මන්ත‍්‍රණ පවත්වනු ලබන අතර ජයවර්ධනපුර, කැලණිය , කොළඹ හා ශි‍්‍රපාලි මණ්ඩපය යන විශ්වවිද්‍යාල නියෝජනය කරමින් සිසුන්, මාධ්‍යවේදීන් ඇතුළු තවත් කණ්ඩායම් ගණනාවක් සහභාගි විය.

ශි‍්‍ර ලංකා පුවත්පත් මණ්්ඩලයේ සභාපති අධිනීතීඥ කොග්ගල වෙල්ලාල බන්දුල මහතා, රජයේ ප‍්‍රවෘත්ති අධ්‍යක්ෂක ජනරාල් දර්ෂණී ගුණතිලක මහත්මිය, කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ අංශාධිපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා, මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර මහතා. එම විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විජයානන්ද රූපසිංහ මහතා සහ ශි‍්‍ර ලංකා පුවත්පත් මණ්්ඩලයේ පුවත්පත් කොමසාරිස් නිරෝෂණ තඹවිට මහතා ඇතුලූ සම්භාවනීය අමුත්තන් රුසක් සහභාගි විය.

මෙම වැඩසටහන පිළිබඳ කරුණු දක්වමින් වැඩබලන පුවත්පත් කොමසාරිස් දන්වා සිටින්නේ සෑම මසකම මෙවැනි වැඩසටහන් පවත්වන බැවින් විෂයට ලැදියාවක් දක්වන ඔනෑම කෙනෙකුට මේ සඳහා සහභාගි විය හැකි බවයි.

Read 316 times