slpc.lk

"50 වසරක පාර්ලිමේන්තු වාර්තාකරණය” මැයෙන් යුත් ග‍්‍රන්ථය ගරු ජනාධිපත්තුමාට පිළිගැන්වීම.

"50 වසරක පාර්ලිමේන්තු වාර්තාකරණය” මැයෙන් යුත් ග‍්‍රන්ථය ගරු ජනාධිපත්තුමාට පිළිගැන්වීම.

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී එස්.තිලෙයිනාදන් මහතා විසින් රචිත ර්‍ණ 50 වසරක පාර්ලිමේන්තු වාර්තාකරණය” මැයෙන් යුත් ග‍්‍රන්ථයෙහි සිංහල සහ ද්‍රවිඩ මාධ්‍ය දෙකෙන් සම්පාදිත පරිවර්තනයන් අතිගරු ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා වෙත පසුගියදා 2016/02/10 දින පිළිගන්වන ලදි.

ඒ මහතාගේ මාධ්‍ය ක්ෂේත‍්‍රයේ 50 වසරක වෘත්තීය පළපුරුද්ද , අත්දැකීම් අලලා සමිපාදිත මෙම ග‍්‍රන්ථයන් මඟින් ඉතා වැදගත් සිදුවීම් , දේශපාලන ක්ෂේත‍්‍රයේ සිදු වූ සුවිශේෂී අවස්ථා හා මාධ්‍ය ක්ෂේත‍්‍රයේ සිදු වූ ඉතා වැදගත් සිදුවීම් ඇතුළු කරුණු ගණනාවක් අන්තර්ගත කර ඇත.

මීට පෙරද ඒ මහතා විසින් ජනමාධ්‍ය ක්ෂේත‍්‍රයේ අභිවෘද්ධිය වෙනුවෙන් ග‍්‍රන්ථ ගණනාවක් රචනා කර ඇති අතර අවසන් වරට ර්‍ණතිනකරන්” පුවත්පතේ කර්තෘ වශයෙන් කටයුතු කර ඇත.

මේ වන විට එස්. තිලෙයිනාදන් මහතා ශි‍්‍ර ලංකා පුවත්පත් මණ්ඩලයේ අධ්‍යක්ෂක මණ්ඩල සමාජිකයකු ලෙසත් ප‍්‍රවීණ ද්‍රවිඩ භාෂා පරිවර්තකයකු ලෙසත් කටයුතු කරනු ඇත.

එම ග‍්‍රන්ථයන් පිළිගැන්වීමේ අවස්ථාව සඳහා ශි‍්‍ර ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති අධි නීතීඥ කොග්ගල වෙල්ලාල බන්දුල මහතාද , එම මණ්ඩලයේ පුවත්පත් කොමසාරිස් (වැ.බ* නිරෝෂණ තඹවිට මහතාද එක් විය.

Read 308 times