යුනෙස්කෝ සංවිධානය මඟින් පුහුණු පුවත්පත් කලාවේදීන් සඳහා නිර්දේශ කර ඇති නිර්නායකයන් යටතේ මෙම ඩිප්ලෝමා පාඨමාලාවේ විෂය නිර්දේශය සකස් කර ඇති අතර විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගෙන් හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන්ගෙන් සැදුම්ලත් දේශක මණ්ඩලයක් විසින් මෙහි දේශන මෙහෙයවනු ඇත.
විශේෂයෙන්ම ආධුනික මාධ්‍යවේදීන්ගේ විෂයානුබද්ධ දැනුම වර්ධනය කිරීම අරමුණු කර මෙම පාඨමාලාව ආරම්භ කළද වර්තමානයේ විශ්ව විද්‍යාල සිසුන් හා විෂයට ඇල්මක් දක්වන කණ්ඩායම් වලටද මෙම පාඨමාලාවට සම්බන්ධවීමට අවකාශ සලසා ඇත.
එමෙන්ම ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය මඟින් ප්‍රාදේශීය මාධ්‍යවේදීන් වෙනුවෙන් දිස්ත්‍රික් පදනමින් පවත්වනු ලබන වැඩමුළු මාලාවේ තවත් එක් වැඩමුළුවක් පසුගියදා (2015.12.06* රත්නපුර ප්‍රාදේශීය මාධ්‍යවේදීන් වෙනුවෙන් ගරු පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
ර්ණඅපරාධ හා ප්රචණ්ඩත්ව ක්‍රියා වාර්තා කිරීමේදී මාධ්‍යවේදියාගේ කාර්ය භාරය” මැයෙන් පැවැත්වුණු මෙම වැඩමුළුව සඳහා රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය මාධ්‍යවේදීන් රැුසක් සහභාගි වූ අතර සාකච්ඡුා හා දේශන ඇසුරින් වැඩමුළුව පැවැත්වීමට හැකි විය.
ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයින් වන මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ගාමිණී සුමනසේකර මහතා සහ ස්වාධීන රූපවාහිනි සේවයේ සාමාන්‍යාධිකාරි (ප්රවෘත්ති* මාධ්‍යවේදී ලාල් හේමන්ත මාවලගේ මහතා මෙම වැඩමුළුවේ දේශන පවත්වන ලදි.
තවද මෙම දැනුවත් කිරීමේ වැඩසටහන් සඳහා ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති අධිනීතිඥ කොග්ගල වෙල්ලාල බන්දුල මහතා, ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් එස්.ඞී.එස්. මල්කාන්ති මහත්මිය, රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් දර්ශනී ගුණතිලක මහත්මිය, ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයින් වන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ආරියනන්ද දොඹගහවත්ත මහතා, එස්.තිලෙයිනාදන් මහතා, රත්නපුර දිස්ත්‍රික් ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර මහතා හා ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ වැඩ බලන කොමසාරිස් නිරෝෂණ තඹවිට මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැුසක් මෙම වැඩසටහන් සඳහා සහභාගි විය.