slpc.lk

චීන ජාතික නියෝජිත පිරිසක් ශ‍්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ නිරීක්ෂණ චාරිකාවක නිරතවීම.

චීන ජාතික නියෝජිත පිරිසක් ශ‍්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ නිරීක්ෂණ චාරිකාවක නිරතවීම.

ජනමාධ්‍ය කේෂ්ත‍්‍රයට සම්බන්ධව මහාචාර්යවරු සිව් දෙනෙකුගෙන් සමන්විත චීන ¥ත පිරිසක් පසුගියදා (2015.11.16* ශ‍්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ නිරීක්ෂණ චාරිකාවක යෙදුණි. මෙම නිරීක්ෂණ චාරිකාවේ ප‍්‍රමුඛ අරමුණ වූයේ දෙරට අතර අන්තර් සංස්කෘතික හුවමාරු කටයුතු සඳහා ඉදිරියේදී ක‍්‍රියාත්මක කිරීමට යෝජිත වැඩසටහන් හා ක‍්‍රමෝපායන් පිළිබඳ සාකච්ඡුා කිරීමයි. විශේෂයෙන්ම මෙම ¥ත පිරිසේ ප‍්‍රකාශන කටයුතු නියෝජනය කරමින් නියෝජිතයින්ද, සාම්ප‍්‍රදායික සංස්කෘතික උරුමයන් ආරක්ෂා කිරීම සඳහා ක‍්‍රියාත්මක වන සංවිධානවල නියෝජිතයින්ද, ජනමාධ්‍ය විෂයේ නව ප‍්‍රවණතා හා ඊට අදාල කටයුතු පිළිබඳ උනන්දුවක් දක්වන නියෝජිතයින්ද සහභාගි වූ අතර ඔවුන් විසින් අදහස් දක්වමින් දන්වා සිටියේ දෙරට අතර පවතින අන්තර් සංස්කෘතික සබඳතා තව තවත් වැඩි දියුණු කරමින් ඒ සඳහා නව වැඩසටහන් ක‍්‍රියාත්මක කළ යුතු බවයි. එහි පළමු අදියර වශයෙන් මාධ්‍යවේදීන් පුහුණු කිරීමේ වැඩසටහන් මෙම වසරේ අග භාගයේ හෝ ලබන වසරේ මුල් කාලයේදී ක‍්‍රියාත්මක කළ යුතු බවට අදහස් හා යෝජනා මෙහිදී ඉදිරිපත් කෙරිණි.

විදේශීය චීන ¥ත කණ්ඩායම ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරු 04 දෙනෙකුගෙන් සමන්විත වූ අතර තවත් සාමාජිකයින් කීපදෙනෙකු මෙම සාකච්ඡුාවට සහභාගි විය. එමෙන්ම ශ‍්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති ජ්‍යෙෂ්ඨ නීතිඥ කොග්ගල වෙල්ලාල බන්දුල මහතා, මෙම වැඩසටහන සම්බන්ධීකරණය කළ ශ‍්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික එමෙන්ම කැලණිය විශ්ව විද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ අංශ ප‍්‍රධානි මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා, ශ‍්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී එස්.තිලෙයිනාදන් මහතා හා ශ‍්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ වැඩ බලන පුවත්පත් කොමසාරිස් නිරෝෂණ තඹවිට මහතා යන අය මෙම සාකච්ඡුාව සඳහා මණ්ඩලය වෙනුවෙන් සහභාගි විය.

china 1

china 3

china 4

Read 432 times