slpc.lk

2012 ඩිප්ලෝමා පාඨමාලාවේ සහතිකපත් ප‍්‍රදානෝත්සවය

2012 ඩිප්ලෝමා පාඨමාලාවේ සහතිකපත් ප‍්‍රදානෝත්සවය

ශ‍්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය මගින් පවත්වනු ලබන  "පුවත්පත් කලාව හා සන්නිවේදන අධ්‍යයනය" ඩිප්ලෝමා පාඨමාලාවේ 2012 කණ්ඩායමේ සහතිකපත් ප‍්‍රදානෝත්සවය සහ 2013 කණ්ඩායමේ සමාරම්භක උත්සවය පසුගියදා (2014.03.26) ජනමාධ්‍ය හා ප‍්‍රවෘත්ති අමාත්‍යංශයේ ලේකම් අචාර්ය චරිත හේරත් මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විනි.

"නව මාධ්‍ය හා එහි බලපෑම" මැයෙන් මෙම වැඩසටහනේ ආරාධිත දේශනය පවත්වන ලද්දේ කැලණිය විශ්ව විද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ අංශාධිපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා විසිනි. මෙම උත්සව අවස්ථාව සඳහා ශ‍්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති ජනාධිපති නීතීඥ ඩබ්ලිව්. දයාරත්න මහතා, පාඨමාලා සමායෝජක මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර මහතා, විශ්ව විද්‍යාල ආචාර්යවරු, පුවත්පත් මණ්ඩලයේ නිලධාරීන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී විය.

1  2  3 
 4  5  
Read 807 times