මේ පාඨමාලාව මාධ්‍ය ක්ෂේත්රයට පිවිසීමට බලාපොරොත්තු වන්නන්ට, අ.පො.ස. (උ/පෙළ) සඳහා සන්නිවේදනය හා මාධ්‍ය හදාරන්නන්ට, මේ විෂය පිළිබඳ වැඩිදුර හැදෑරීමට කැමති අයට, බාහිර උපාධිය සඳහා සන්නිවේදන විෂය හදාරන උපාධි අපේක්ෂකයන්ට සහ දැනට මාධ්‍ය ක්ෂේත්රයේ කටයුතු කරන ආධුනික මාධ්‍යවේදීන් හා වෘත්තීය මාධ්‍යවේදීන්ට මේ පාඨමාලාව සුවිශේෂ වන්නේය.
මේ පාඨමාලාවට ඇතුළත්වීමේ සුදුසුකම් ලෙස අ.පො.ස. (සා.පෙළ) සිංහල භාෂාව සඳහා සම්මාන සාමාර්ථයක් සමඟ විෂයයන් හතරක් සහිතව අ.පො.ස. (සා.පෙළ) සමත්ව තිබීම හෝ ඒ හා සමාන අධ්‍යාපන සුදුසුකම් හෝ තිබිය යුතු බව පුවත්පත් මණ්ඩලය දන්වා සිටී.
පාඨමාලා සමායෝජනය ජ්‍යෙෂ්ඨ සම්මානිත මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර මහතා විසින් කරනු ලබන අතර කැලණිය, කොළඹ සහ ජයවර්ධනපුර ප්රමුඛ විශ්වවිද්‍යාල රැසක ආචාර්යවරුන්ගෙන්ද, ප්‍රවීණ මාධ්යෙවේදීන්ගෙන්ද දේශක මණ්ඩලය සමන්විත වේ.
මේ සඳහා අයැදුම් කිරීමට බලාපොරොත්තු වන අය අංගසම්පූර්ණ අයදුම්පත්‍රයක් හා සහතිකවල මුල් පිටපත්ද රැගෙන මේ මස 23වන දින පෙ.ව. 10.00 සිට මධ්‍යහ්න 12.00 තෙක් ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ පැවැත්වෙන සම්මුඛ පරීක්ෂණය සඳහා සහභාගි වන ලෙස දැනුම්දී ඇත.