slpc.lk

ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ 40 වැනි සංවත්සරය සැමරෙයි

ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ 40 වැනි සංවත්සරය සැමරෙයි

කොළඹ ටාජ් සමුද්‍ර හෝටලයේදී ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ 40 වැනි සංවත්සරය ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති උත්සවයේදී සැමරිණි.

"ජන සන්නිවේදනයේ නව දිශානති" යන තේමාව යටතේ ජාත්‍යන්තර මුල්‍ය සහයෝගිතාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය හා මුදල් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය සරත් අමුණූගම, "ප‍්‍රජා මාධ්‍ය යුගයක ශ‍්‍රී‍්‍රි ලංකා පුවත්පත් මණ්ඩලයේ කාර්යභාරය" යන තේමාව යටතේ ප‍්‍රවෘත්ති අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය චරිත හේරත් යන මහත්වරු දේශන පවැත්වූහ. අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාද රැස්ව සිටි පිරිස ඇමතුවේය.

ශ‍්‍රි ලංකා පුවත්පත් මණ්ඩලයේ නිල වෙබ් අඩවිය සහ "මධ්‍ය සමීක්ෂා II" ග‍්‍රන්ථය මෙදින එළිදැක්වීණි. ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ කාර්ය මණ්ඩලයට මෙදින අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අතින් සමරු පිරි නැමිණි. කුමාරතුංග මුණිදාස ශුරීන්ගේ කවි ඇසුරින් මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර මහතා නිර්මාණය කළ "අකුරු සැහැල්ල" සන්නිවේදන රංගනය මෙදින වේදිකා ගත වුණි.

මෙම අවස්ථාවට ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යාංශයේ අධික්ෂණ මන්ත්‍රී ඒ.එච්.එම්.අස්වර්, පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල, ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය චරිත හේරත්, ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ආරියරත්න ඇතුගල, ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති ජනාධිපති නිතිඥ ඩබ්ලිව්.දයාරත්න හා එහි කොමසාරිස් නාලක කළුවැව යන මහත්වරුන් ඇතුළු විශ්වවිද්‍යාල කතිකාචාර්යවරුන්, මාධ්‍ය ආයතන ප්‍රධාන ප්‍රධානින්, ප්‍රවීන මාධ්‍යවේදීන් ඇතුළු විද්වත්හු රැසක් සහභාගී වුහ.

Press-Council-40th-anniversary3  Press-Council-40th-anniversary4 
Press-Council-40th-anniversary5  Press-Council-40th-anniversary6 

 

Read 1226 times