slpc.lk

"ජාතික සංහිඳියාව මෙරට තුළ ස්ථාපිත කිරීම සඳහා ජනමාධ්‍යවේදීයා සතු කාර්ය භාරය”

"ජාතික සංහිඳියාව මෙරට තුළ ස්ථාපිත කිරීම සඳහා ජනමාධ්‍යවේදීයා සතු කාර්ය භාරය”

ශි‍්‍ර ලංකා පුවත්පත් මණ්ඩලය මඟින් සංවිධානය කරනු ලබන ප‍්‍රාදේශීය මාධ්‍යවේදී වැඩමුළු මාලාවේ හම්බන්තොට දිස්ති‍්‍රක් ප‍්‍රාදේශිය මාධ්‍යවේදී වැඩමුළුව හම්බන්තොට “Grand Camellia Hotel” ආයතනයේදී පසුගියදා ( 2018.03.24) පැවැත්විණි.

"ජාතික සංහිඳියාව මෙරට තුළ ස්ථාපිත කිරීම සඳහා ජනමාධ්‍යවේදීයා සතු කාර්ය භාරය” යන මාතෘකාව යටතේ පැවැත්වුණුු මෙම වැඩමුළුව සඳහා හම්බන්තොට දිස්ති‍්‍රක්කයේ මුුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය නියෝජනය කරන විශාල මාධ්‍යවේදීන් පිරිසක් සහ සමෘද්ධි නිලධාරීන් පිරිසක් සහභාගි විය.

මෙම වැඩසටහන හම්බන්තොට දිස්ති‍්‍රක් සම්බන්ධීකරණ කමිටුවේ ගරු සම සභාපති හා ගරු ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය ගරු මහින්ද අමරවීර මැතිතුමා ගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විණි.
ශි‍්‍ර ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති අධිනීතිඥ කොග්ගල වෙල්ලාල බන්දුල මහතා, කැලණිය විශ්ව විද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථීකාචාර්ය සමන් රාජපක්ෂ මහතා සහ ශි‍්‍ර ලංකා පුවත්පත් මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ගාමිණි සුමනසේකර මහතා මෙදින දේශන පැවැත්වූ අතර වැඩසටහන දේශන හා සාකච්ඡුා ඇසුරින් පැවැත්විය.

තවද මෙම වැඩසටහන සඳහා හම්බන්තොට දිස්ති‍්‍රක් ලේකම් කාර්යාලය නියෝජනය කරන නිලධාරීන් මහතුන් හා පුවත්පත් මණ්ඩලයේ පුවත්පත් කොමසාරිස් නිරෝෂණ තඹවිට මහතා ද සහභාගි විය.

මෙම වැඩසටහනට සහභාගි වූ මාධ්‍යවේදීන් දන්වා සිටියේ කාලින වශයෙන් වැදගත් මාතෘකා පිළිබඳව මෙවැනි දේශන පැවැත්වීම තම වෘත්තිමය කටයුතුවලට මහත් ප‍්‍රයෝජනයක් වන බවයි.

hamb05

hamb05

hamb05

hamb05

hamb05

Read 62 times