slpc.lk

පාසල් මාධ්‍යවේදී වැඩමුළුව - ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය

පාසල් මාධ්‍යවේදී වැඩමුළුව - ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය

ශි‍්‍ර ලංකා පුවත්පත් මණ්ඩලය මඟින් පවත්වනු ලබන පාසල් මාධ්‍ය වැඩමුළු මාලාවේ 2018 වර්ෂය සඳහා වූ දෙවන පාසල් වැඩමුළුව ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේදී (2018.03.05) වන දින පැවැත්විණි.

"මාධ්‍ය සාක්ෂරතාවය හා රසවින්දනය” පිළිබඳ පාසල් සිසුන් දැනුවත් කිරීම සඳහා පැවැත්වුණු මෙම වැඩමුළුව සඳහා අදාල කලාපය නියෝජනය කරමින් සිසුන් 350 කට ආසන්න ප‍්‍රමාණයක් සභභාගී විය. මෙහි විශේෂත්වය වූයේ ප‍්‍රකට පුවත්පත් කලාවේදී කුමාරතුංග මුනිදාස මහතා හා ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදී කරුණාදාස සූරීයආරච්චි මහතා අනුස්මරණය කරමින් මෙම වැඩමුළුව පැවැත්වීමයි. කුමාරතුංග මුනිදාස මහතා මියගොස් වසර 74 ක් පිරීම නිමිත්තෙන් හා සිළුමිණ පුවත්පතේ හිටපු කර්තෘ කරුණාදාස සූරීයආරච්චි එම පාසලේ ආදි ශිෂ්‍යයෙකු වීම මෙම උත්සවය පැවැත්වීමේ අනෙකුත් අරමුණ විය. තවද එතුමා ශි‍්‍ර ලංකා පුවත්පත් මණ්ඩලයේ අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයෙකු ලෙසද කටයුතු කර ඇත.

කැලණිය විශ්ව විද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ හිටපු අංශාධිපති සම්මානිත මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර මහතා, කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධය්‍යයන අංශයේ මහාචාර්ය සඳගෝමී කෝපරහේවා මහතා හා විශාරද ජගත් වික‍්‍රමසිංහ මහතා යන විද්වතුන් සම්පත් දායකයින් ලෙස සහභාගී විය. මෙම වැඩමුළුව දේශන හා සංවාද ඇසුරින් පැවැත්විය.

ශි‍්‍ර ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති අධ්නීතිඥ කොග්ගල වෙල්ලාල බන්දුල මහතා, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (පාලන) රමණි ගුණවර්ධන මහත්මිය, ශි‍්‍ර ලංකා පුවත්පත් මණ්ඩලයේ පුවත්පත් කොමසාරිස් නිරෝෂණ තඹවිට මහතා, කරුණාදාස සූරීයආරච්චි මහත්මිය, කරුණාදාස සූරීයආරච්චි මහතාගේ පුතනුවන් වන රොෂාන් ධනංජය සූරීයආරච්චි මහතා හා අවට පාසල්වල විෂයභාර ගුරුභවතුන් හා ජනමාධ්‍යවේදීන් පිරිසක් මේ සඳහා සහභාගි විය.

වැඩමුළුව අවසානයේ සියළුම සිසුන් වෙනුවෙන් සහතික පත‍්‍රයක් හා පාසල් වල පුස්තකාලය වෙනුවෙන් වටිනා ප‍්‍රකාශන කට්ටලයක් ලබාදීමට ශි‍්‍ර ලංකා පුවත්පත් මණ්ඩලය මඟින් කටයුතු කරන ලදි.

1

1

1

1

1

1

1

1

1

1

1

1

1

1

1

1

1

1

1

1

1

1

1

1

1

1

1

Read 22 times