slpc.lk

පාසල් මාධ්‍යවේදී වැඩමුළුව - ඉංගිරිය ගාමිණි මධ්‍ය මහා විද්‍යාලය

පාසල් මාධ්‍යවේදී වැඩමුළුව - ඉංගිරිය ගාමිණි මධ්‍ය මහා විද්‍යාලය

ශි‍්‍ර ලංකා පුවත්පත් මණ්ඩලය මඟින් පවත්වනු ලබන පාසල් මාධ්‍ය වැඩමුළු මාලාවේ 2018 වර්ෂය සඳහා වූ ප‍්‍රථම පාසල් වැඩමුළුව ඉංගිරිය ගාමිණී මධ්‍ය මහා විද්‍යාලයේදී (2018.02.23) වන දින පැවැත්විණි.

"මාධ්‍ය සාක්ෂරතාවය හා රසවින්දනය” පිළිබඳ පාසල් සිසුන් දැනුවත් කිරීම සඳහා පැවැත්වුණු මෙම වැඩමුළුව සඳහා අදාල කලාපය නියෝජනය කරමින් සිසුන් 350 කට ආසන්න ප‍්‍රමාණයක් සභභාගී විය. කැලණිය විශ්ව විද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ හිටපු අංශාධිපති සම්මානිත මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර මහතා, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ගාමිණි සුමනසේකර මහතා හා විශාරද ජගත් වික‍්‍රමසිංහ මහතා යන විද්වතුන් සම්පත් දායකයින් ලෙස සහභාගී විය. මෙම වැඩමුළුව දේශන හා සංවාද ඇසුරින් පැවැත්විය.

ශි‍්‍ර ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති අධ්නීතිඥ කොග්ගල වෙල්ලාල බන්දුල මහතා, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (පාලන) රමණි ගුණවර්ධන මහත්මිය, ශි‍්‍ර ලංකා පුවත්පත් මණ්ඩලයේ පුවත්පත් කොමසාරිස් නිරෝෂණ තඹවිට මහතා හා හොරණ කලාප අධ්‍යාපන කාර්යාලයේ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක කේ.ඒ චන්ද්‍රාවතී මහත්මිය හා අවට පාසල්වල විෂයභාර ගුරුභවතුන් හා ජනමාධ්‍යවේදීන් පිරිසක් මේ සඳහා සහභාගි විය.

වැඩමුළුව අවසානයේ සියළුම සිසුන් වෙනුවෙන් සහතික පත‍්‍රයක් හා පාසල් වල පුස්තකාලය වෙනුවෙන් වටිනා ප‍්‍රකාශන කට්ටලයක් ලබාදීමට ශි‍්‍ර ලංකා පුවත්පත් මණ්ඩලය මඟින් කටයුතු කරන ලදි.

1 1

1 1

1 1

1 1

1 1

1 1

1 1

1 1

1 1

1 1

1 1

1 1

1 1

1 1

1 1

1 1

1 1

1 1

1 1

1 1

1 1

1 1

1 1

1 1

1 1

Read 68 times