slpc.lk

"ජනමාධ්‍ය නිදහස හා වගකීම” - ශි‍්‍ර ලංකා පුවත්පත් මණ්ඩලය මඟින් පවත්වනු ලබන මාසික දේශන මාලාව

"ජනමාධ්‍ය නිදහස හා වගකීම” - ශි‍්‍ර ලංකා පුවත්පත් මණ්ඩලය මඟින් පවත්වනු ලබන මාසික දේශන මාලාව

ශි‍්‍ර ලංකා පුවත්පත් මණ්ඩලය මඟින් පවත්වනු ලබන මාසික දේශන මාලාවේ 2018 වර්ෂයේ ප‍්‍රථම දේශනය "ජනමාධ්‍ය නිදහස හා වගකීම” (දකුණු ආසියානු රටවල් හමුවේ ඇති අභියෝගවලට විශේෂිතව) මැයෙන් පසුගියදා (2018/01/27) ශි‍්‍ර ලංකා පුවත්පත් මණ්ඩල ශ‍්‍රවණාගාරයේදි පැවැත්විණි.

ජනමාධ්‍යවේදීන්ගේ, ජනමාධ්‍ය විෂය හදාරණ විශ්ව විද්‍යාල සිසුන්ගේ, පාසල් සිසුන්ගේ හා එම විෂයට ලැදියාවක් දක්වන විවිධ වෘත්තිකයන් හා කණ්ඩායම්හි විෂයානුබද්ධ දැනුම වර්ධනය කිරීම අරමුණු කර මෙම සම්මන්ත‍්‍රණ පවත්වනු ලබන අතර ජනමාධ්‍ය විෂය හදාරණ සිසුන්, මාධ්‍යවේදීන් ඇතුළු තවත් කණ්ඩායම් ගණනාවක් මේ සඳහා සහභාගි විය.

මෙදින මුඛ්‍ය දේශනය නේපාලයේ "පූර්වන්චල්” විශ්ව විද්‍යාලයේ බාහිර කථිකාචාර්ය , මහාචාර්ය ලක්ෂ්මන් ඩට් පාන්ට් (Luxman Datt Pant) මහතා විසින් සිදු කරන ලද අතර එහි සිංහල පරිවර්තනය සම්මානිත මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර මහතා විසින් සිදු කරන ලදි.

ශි‍්‍ර ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති අධිනීතීඥ කොග්ගල වෙල්ලාල බන්දුල මහතා හා ශි‍්‍ර ලංකා පුවත්පත් මණ්්ඩලයේ පුවත්පත් කොමසාරිස් නිරෝෂණ තඹවිට මහතා ඇතුළු පිරිසක්ද මේ සඳහා සහභාගි විය.

2

2

2

2

2

2

2

2

2

2

2

2

2

2

2

2

2

2

2

Read 69 times