භාෂාව හා නිර්මාණාත්මක සන්නිවේදනය, පුවත්පත් කලා විකාශනයෙහි වැදගත් සන්ධිස්ථාන හා නූතන සන්නිවේදන ප්රවණතා, සහ සන්නිවේදනයේ විවිධ වර්ග සන්සන්දනාත්මකව විග්රහ කිරීම හා සුවිශේෂතා හඳුනා ගැනීම, යන මාතෘකා ඔස්සේ මෙම සම්මන්ත්‍රණය පවත්වන ලද අතර කැලණිය විශ්ව විද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ හිටපු අංශාධිපති සම්මානිත මහාචාර්ය චන්ද්‍රසිරි රාජපක්ෂ මහතා, එම විශ්ව විද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ හිටපු අංශාධිපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා හා ශි‍්‍ර ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සිංහල හා ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ අංශාධිිපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සේනානි හරිස්චන්ද්‍ර මහතා යන විද්වතුන් දේශන පවත්වන ලදි.
මාතර දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්ති‍්‍ර බුද්ධික පතිරණ මහතා, ශි‍්‍ර ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති අධිනීතිඥ කොග්ගල වෙල්ලාල බන්දුල මහතා, රජයේ ප්රවෘත්ති අධ්‍යක්ෂක ජනරාල් නීතීඥ සුදර්ශන ගුණවර්ධන මහතා, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (පාලන) රමණි ගුණවර්ධන මහත්මිය, පුවත්පත් මණ්ඩලයේ පුවත්පත් කොමසාරිස් නිරෝෂණ තඹවිට මහතා සහ දකුණු පළාත් සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂක ඩබ්.ටී කිත්සිරි මහතා ඇතුළු පිරිස මෙම සම්මන්ත්‍රණය සඳහා සහභාගි වූ අතර වැඩසටහන දේශන සංවාද හා සාකච්ඡුා ඇසුරින් පැවැත්විය.
මෙම වැඩසටහනට සහභාගි වූ ගුරුවරුන් දන්වා සිටියේ අගනුවරින් බැහැර ප්‍රදේශ වලට ගොස් විෂය නිර්දේශ හා කාලින වශයෙන් වැදගත් මාතෘකා පිළිබඳව මෙවැනි දේශන පැවැත්වීම තම අධ්‍යයනික කටයුතුවලට මහත් ප්‍රයෝජනයක් වන බවයි.
පුවත්පත් මණ්ඩලයේ පුවත්පත් කොමසාරිස් නිරෝෂණ තඹවිට මහතා විසින් වැඩිදුරටත් දන්වා සිටියේ ජනමාධ්‍යවේදීන්, ගුරුවරුන් හා එම විෂය පිළිබඳ ලැදියාවක් දක්වන අයට මණ්ඩලය මඟින් පවත්වනු ලබන විවිධ වැඩසටහන් පිළිබඳව විමසීම් (www.slpc.lk) මඟින් කළ හැකි බවයි.