slpc.lk

සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය වැඩමුළුව - රජරට විශ්වවිද්‍යාලය

සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය වැඩමුළුව - රජරට විශ්වවිද්‍යාලය

ශි‍්‍ර ලංකා පුවත්පත් මණ්ඩලය මඟින් "සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය” පිළිබඳ එක්දින වැඩමුළුවක් 2017.10.26 වන දින රජරට විශ්ව විද්‍යාලයේදී (මිහින්තලය) පවත්වන ලදි.

"සන්නිවේදන හා මාධ්‍ය අධ්‍යයනය හඳුනා ගැනීම” යන මාතෘකාව යටතේ පවත්වනු ලැබූ මෙම වැඩමුළුව සඳහා රජරට විශ්ව විද්‍යාලයේ ජන සන්නිවේදන විෂය හදාරණ සිසු සිසුවියන් 225 ක් පමණ සහභාගි විය. අනුරාධපුර දිස්ති‍්‍රක්කයේ මුුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය නියෝජනය කරන මාධ්‍යවේදීන් පිරිසක් ද මේ සඳහා සහභාගි විය.

කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ මහාචාර්ය සඳගෝමී කෝපරහේවා මහතා, කැලණිය විශ්ව විද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ හිටපු අංශාධිපති එමෙන්ම ශි‍්‍ර ලංකා පුවත්පත් මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික මාහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා හා ශි‍්‍ර ලංකා පුවත්පත් මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ගාමිණි සුමනසේකර මහතා මෙදින දේශන පැවැත්වූ අතර වැඩසටහන දේශන හා සාකච්ඡුා ඇසුරින් පැවැත්විය.

තවද මෙම වැඩසටහන සඳහා ශි‍්‍ර ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති අධිනීතිඥ කොග්ගල වෙල්ලාල බන්දුල මහතා, රජරට විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත‍්‍ර අධ්‍යයන අංශයේ අංශාධිපති පූජ්‍ය ඔලගන්වත්තේ චන්ද්‍රසිරි හිමි, එම විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සේන නානායක්කාර මහතා, ශි‍්‍ර ලංකා පුවත්පත් මණ්ඩලයේ පුවත්පත් කොමසාරිස් නිරෝෂණ තඹවිට මහතා හා තවත් විශ්වවිද්‍යාල ආචාර්යවරු කිහිපදෙනෙක් මෙම වැඩමුළුව සඳහා සහභාගි විය.

මෙම වැඩසටහනට සහභාගි වූ රජරට විශ්ව විද්‍යාලයේ ජනසන්නිවේදන විෂය හදාරණ සිසු සිසුවියන් දන්වා සිටියේ කාලින වශයෙන් වැදගත් මාතෘකා පිළිබඳව මෙවැනි දේශන පැවැත්වීම තම අධ්‍යාපන කටයුතුවලට මහත් ප‍්‍රයෝජනයක් වන බවයි.

සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය වැඩමුළුව - රජරට විශ්වවිද්‍යාලය
ශි‍්‍ර ලංකා පුවත්පත් මණ්ඩලය මඟින් "සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය” පිලිබඳ එක්දින වැඩමුළුවක් 2017.10.26 වන බ‍්‍රහස්පතින්දා දින පෙ. ව 9.30 සිට ප.ව 4.00 දක්වා රජරට විශ්ව විද්‍යාලයේදී (මිහින්තලය) පැවත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

මෙම වැඩසටහන සඳහා සම්පත් දායක විද්වතුන් ලෙස මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා, මහාචාර්ය සඳගෝමී කෝපරහේවා මහතා හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ගාමිණි සුමනසේකර මහතා සහභාගී වීමට නියමිතය.මේ සඳහා රජරට විශ්ව විද්‍යාලයේ ජන සන්නිවේදන විෂය හදාරන සිසු සිසුවියන් 150 - 175 ක් පමණ සහභාගිවීමට නියමිත අතර වැඩමුළුව සාකච්ඡුා හා සංවාද අයුරින් පැවත්වේ. මෙම වැඩසටහනේ පූර්ව සංවිධාන කටයුතු හා එදින මාධ්‍ය ආවරණ කටයුතු සිදුකිරීමට අවශ්‍ය සහය ලබාදෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

23031469 444170542651669 7482018647972455936 n

Read 18 times