slpc.lk

ගිනිගත්හේන මධ්‍ය මහා විද්‍යාලය / ශි‍්‍ර සුභූති ජාතික පාසල (මාලබේ) ශි‍්‍ර ලංකා පුවත්පත් මණ්ඩලය පාසල් මාධ්‍යවේදී වැඩමුළුව

ගිනිගත්හේන මධ්‍ය මහා විද්‍යාලය / ශි‍්‍ර සුභූති ජාතික පාසල (මාලබේ) ශි‍්‍ර ලංකා පුවත්පත් මණ්ඩලය පාසල් මාධ්‍යවේදී වැඩමුළුව

ශි‍්‍ර ලංකා පුවත්පත් මණ්ඩලය මඟින් පවත්වනු ලබන පාසල් මාධ්‍ය වැඩමුළු මාලාවේ තවත් වැඩමුළු දෙකක් ගිනිගත්හේන මධ්‍ය මහා විද්‍යාලයයේදී( 2017.09.21) හා ශි‍්‍ර සුභූතී ජාතික පාසලේදී (2017.09.19) පැවැත්විණි.

මාධ්‍ය සාක්ෂරතාවය හා රසවින්දනය පිළිබඳ පාසල් සිසුන් දැනුවත් කිරීම සඳහා පැවැත්වුණු මෙම වැඩමුළු සඳහා අදාල කලාප දෙක නියෝජනය කරමින් සිසුන් 800 කට ආසන්න ප‍්‍රමාණයක් සභභාගී විය. කැලණිය විශ්ව විද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ හිටපු අංශාධිපති සම්මානිත මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර මහතා, ශි‍්‍ර ලංකා පුවත්පත් මණ්ඩලයේ අධ්‍යක්ෂක මණ්ඩල සාමාජික ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ගාමිණිි සුමනසේකර මහතා , මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂක විශාරද සුදත් සමරසිංහ මහතා හා මයුර බණ්ඩාර මහතා යන විද්වතුන් සම්පත් දායකයින් ලෙස සහභාගී විය. මෙම වැඩමුළුව දේශන හා සංවාද ඇසුරින් පැවැත්විය.

ශි‍්‍ර ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති අධ්නීතිඥ කොග්ගල වෙල්ලාල බන්දුල මහතා, ශි‍්‍ර ලංකා පුවත්පත් මණ්ඩලයේ පුවත්පත් කොමසාරිස් නිරෝෂණ තඹවිට මහතා, දිස්ති‍්‍රක් අධ්‍යාපන කලාප වල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරු සහ පාසල්වල විදුහල්පතිවරු මෙම වැඩමුළුව සඳහා සහභාගි විය.

වැඩමුළුව අවසානයේ සියළුම සිසුන් වෙනුවෙන් සහතිකපත‍්‍රයක් හා පාසල් වල පුස්තකාලය වෙනුවෙන් වටිනා ප‍්‍රකාශන කට්ටලයක් ලබාදීමට ශි‍්‍ර ලංකා පුවත්පත් මණ්ඩලය මඟින් කටයුතු කරන ලදි.

1

2

3

5

6

7

8

9

10

11

12

13

14

15

16

17

18

 

Read 93 times