slpc.lk

"ජාතික සංහිඳියාව මෙරට තුළ ස්ථාපිත කිරීම සඳහා ජනමාධ්‍යවේදීයා සතු කාර්ය භාරය”

"ජාතික සංහිඳියාව මෙරට තුළ ස්ථාපිත කිරීම සඳහා ජනමාධ්‍යවේදීයා සතු කාර්ය භාරය”

IMG 0588ශි‍්‍ර ලංකා පුවත්පත් මණ්ඩලය මඟින් සංවිධානය කරනු ලබන ප‍්‍රාදේශීය මාධ්‍යවේදී වැඩමුළු මාලාවේ ගම්පහ දිස්ති‍්‍රක් ප‍්‍රාදේශිය මාධ්‍යවේදී වැඩමුළුව ගම්පහ "ආලක මන්දාව” ආයතනයේදී පසුගියදා ( 2017.08.27) පැවැත්විණි.

"ජාතික සංහිඳියාව මෙරට තුළ ස්ථාපිත කිරීම සඳහා ජනමාධ්‍යවේදීයා සතු කාර්ය භාරය” යන මාතෘකාව යටතේ පැවැත්වුණුු මෙම වැඩමුළුව සඳහා ගම්පහ දිස්ති‍්‍රක්කයේ මුුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය නියෝජනය කරන විශාල මාධ්‍යවේදීන් පිරිසක් සහභාගි විය.

මෙම වැඩසටහන මුදල් හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් පැවති අතර ගම්පහ දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්ති‍්‍ර අජිත් මාන්නප්පෙරුම මැතිතුමා මේ සඳහා සහභාගි විය.

ශි‍්‍ර ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති අධිනීතිඥ කොග්ගල වෙල්ලාල බන්දුල මහතා, කැලණිය විශ්ව විද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ හිටපු අංශාධිපති මාහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සහ ශි‍්‍ර ලංකා පුවත්පත් මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ආරියනන්ද දොඹගහවත්ත මහතා මෙදින දේශන පැවැත්වූ අතර වැඩසටහන දේශන හා සාකච්ඡුා ඇසුරින් පැවැත්විය.

තවද මෙම වැඩසටහන සඳහා ගමිපහ දිස්ති‍්‍රක් දිස්ති‍්‍රක් ලේකම් සුනිල් ජයලත් මහතාද සහකාර දිස්ති‍්‍රක් ලේකම් ඉන්දික ප‍්‍රසාද් මහතා හා පුවත්පත් මණ්ඩලයේ පුවත්පත් කොමසාරිස් නිරෝෂණ තඹවිට මහතා ද සහභාගි විය.

මෙම වැඩසටහනට සහභාගි වූ මාධ්‍යවේදීන් දන්වා සිටියේ කාලින වශයෙන් වැදගත් මාතෘකා පිළිබඳව මෙවැනි දේශන පැවැත්වීම තම වෘත්තිමය කටයුතුවලට මහත් ප‍්‍රයෝජනයක් වන බවයි.

IMG 0611

IMG 0631

IMG 0724

Read 10 times