slpc.lk

"ජාතික පුනරුදය හා ආගමික ප‍්‍රකාශන” ශි‍්‍ර ලංකා පුවත්පත් මණ්ඩලය මඟින් පවත්වනු ලබන මාසික දේශන මාලාව

"ජාතික පුනරුදය හා ආගමික ප‍්‍රකාශන” ශි‍්‍ර ලංකා පුවත්පත් මණ්ඩලය මඟින් පවත්වනු ලබන මාසික දේශන මාලාව

meetingශි‍්‍ර ලංකා පුවත්පත් මණ්ඩලය මඟින් පවත්වනු ලබන මාසික දේශන මාලාවේ 2017 වර්ෂයේ දෙවන දේශනය "ජාතික පුනරුදය හා ආගමික ප‍්‍රකාශන” මැයෙන් පසුගියදා (2017/06/06) කොළඹ පුස්තකාල හා ප‍්‍රලේඛන සේවා මණ්ඩලයේදී පැවැත්විණි.

මෙම වැඩසටහන මුදල් හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ගරු ලසන්ත අලගියවන්න මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වූ අතර ජාතික ඒකාබද්ධතා ප‍්‍රතිසංධාන අමාත්‍ය ගරු ඒ.එච්.එම් ෆවුසි මැතිතුමා හා යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මැතිතුමාද මේ සඳහා සහභාගි විය.

ජනමාධ්‍යවේදීන්ගේ, ජනමාධ්‍ය විෂය හදාරණ විශ්ව විද්‍යාල සිසුන්ගේ, පාසල් සිසුන්ගේ හා එම විෂයට ලැදියාවක් දක්වන විවිධ වෘත්තිකයන් හා කණ්ඩායම්හි විෂයානුබද්ධ දැනුම වර්ධනය කිරීම අරමුණු කර මෙම සම්මන්ත‍්‍රණ පවත්වනු ලබන අතර ජයවර්ධනපුර, කැලණිය, කොළඹ හා ශි‍්‍රපාලි මණ්ඩපය යන විශ්වවිද්‍යාල නියෝජනය කරමින් ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා, සිසුන්, මාධ්‍යවේදීන් ඇතුළු තවත් කණ්ඩායම් ගණනාවක් මේ සඳහා සහභාගි විය.

මෙදින මුඛ්‍ය දේශනය මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා විසින් සිදු කරන ලද අතර ශී‍්‍ර ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති අධීනීතීඥ කොග්ගල වෙල්ලාල බන්දුල සහ ආචාර්ය කැමිලස් ප‍්‍රනාන්දු පියතුමා මෙහිදී අදහස් දැක්වීය.

ශි‍්‍ර ලංකා පුවත්පත් මණ්ඩලයේ අධ්‍යක්ෂක මණ්ඩල සාමාජික එස්. තිලෙයිනාදන් මහතා, මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර මහතා හා ශි‍්‍ර ලංකා පුවත්පත් මණ්ඩලයේ පුවත්පත් කොමසාරිස් නිරෝෂණ තඹවිට මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රුසක්ද මේ සඳහා සහභාගි විය.

buddhist monks

father

fawzi

pr06081

pr06082

pr06083

pr06084

Read 115 times