slpc.lk

පුවත් නිවේදන

ප‍්‍රාදේශීය මාධ්‍යවේදීන් විසින් ජනමාධ්‍ය ක්ෂේත‍්‍රය වෙනුවෙන් කරනු ලබන සේවාව හා ඔවුන්ට ඒ වෙනුවෙන් ජනමාධ්‍ය ආයතන වලින් ලැබෙන දීමනාව සඳහා අර්ථසාධක අරමුදල් ලබා ගැනීමේ ක‍්‍රමවේදයක් සකස් කරන ලෙසට ශි‍්‍ර ලංකා පුවත්පත් මණ්ඩලය වෙත අවස්ථා ගණනාවකදීම ඉල්ලීම් කරන ලදි. ඒ අනුව මේ පිළිබඳ සලකා බැලූ ශී‍්‍ර ලංකා පුවත්පත් මණ්ඩලය මෙම කටයුත්ත සම්බන්ධීකරණය කිරීම මණ්ඩලයෙන් ඉටු විය යුතුකමක් සේ සලකා කම්කරු හා වෘත්තීය සබඳතා අමාත්‍යාංශයේ ගරු අමාත්‍යතුමා සමඟත්, ඊට අදාල විවිධ පාර්ශවයන් සමඟත් සාකච්ඡුා කළ යුතු බවට තීරණය කරන ලදි.

 MG 8894ශි‍්‍ර ලංකා පුවත්පත් මණ්ඩලය මඟින් සංවිධානය කරනු ලබන ප‍්‍රාදේශීය මාධ්‍යවේදී වැඩමුළු මාලාවේ මාතර දිස්ති‍්‍රක් ප‍්‍රාදේශිය මාධ්‍යවේදී වැඩමුළුව මාතර “GAGA ADDARA (PVT) LTD” ආයතනයේදී පසුගියදා ( 2016.12.10) පැවැත්විණි. 

image-0-02-06-03e7a75d0c950135f1282a4325ff08198ad6adbf573bb4889389162b988ffeff-V2016/11/16 වන දින සිට 19 වන දින  දක්වා ඉන්දියාවේ නවදිල්ලි නගරයේදී ඉන්දියානු පුවත්පත් මණ්ඩල ස්වර්ණ ජයන්ති උත්සවය හා ඊට සමගාමීව වැඩසටන් ගණනාවක් පැවත්විනි. මෙහිදි දකුණු ආසියානු පුවත්පත් මණ්ඩල සහයෝගිතා සන්සදයක් පිහිටුවීමට යෝජනා වූ අතර ඊට අදාල කෙටුම්පත් වාර්තාවක්ද සකස් කරන ලදි.