slpc.lk

පුවත් නිවේදන

press12014 නොවැම්බර් 04 සහ 05 යන දෙදිනනේපාලයේ කත්මණ්ඩු නුවර සාක් මාධ්‍ය සමුළුව පැවත්විනි. මෙම දෙදින වැඩමුළුව පැවත්වූයේ ජනමාධ්‍යක්ෂේත‍්‍රයේ පවතින ප‍්‍රවණතා සාකච්ඡා කිරීීම සඳහායි.

ශ‍්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය මගින් පවත්වනු ලබන  "පුවත්පත් කලාව හා සන්නිවේදන අධ්‍යයනය" ඩිප්ලෝමා පාඨමාලාවේ 2012 කණ්ඩායමේ සහතිකපත් ප‍්‍රදානෝත්සවය සහ 2013 කණ්ඩායමේ සමාරම්භක උත්සවය පසුගියදා (2014.03.26) ජනමාධ්‍ය හා ප‍්‍රවෘත්ති අමාත්‍යංශයේ ලේකම් අචාර්ය චරිත හේරත් මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විනි.

puwathpath-logo 200 182ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය විසින් මෙහෙයවනු ලබන පුවත්පත් කලාව හා සන්නිවේදන අධ්‍යනය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව සඳහා අයැදුම්පත් කැඳවනු ලැබේ.
අනාගත මාධ්‍යවේදියකු ලෙස කටයුතු කිරීමට අපේක්ෂා කරන්නන්ගේ සහ සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය හදාරන්නන්ගේ දැනුම, අවබෝධය හා කුසලතා වර්ධනය කිරීම අරමුණු කරගෙන මේ පාඨමාලාව ආරම්භ කර ඇත.

යුනෙස්කෝ සංවිධානය මගින් පුහුණු මාධ්‍යවේදීන් සඳහා නිර්දේශ කර ඇති විෂය නිර්දේශය යටතේ මේ පාඨමාලාවේ අධ්‍යයන කටයුතු කෙරෙන අතර, යුනෙස්කෝ සංවිධානය නිර්දේශ කරන විෂය නිර්දේශයක් යටතේ පවත්වන එකම පාඨමාලාවද මෙය වේ.

කොළඹ ටාජ් සමුද්‍ර හෝටලයේදී ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ 40 වැනි සංවත්සරය ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති උත්සවයේදී සැමරිණි.

"ජන සන්නිවේදනයේ නව දිශානති" යන තේමාව යටතේ ජාත්‍යන්තර මුල්‍ය සහයෝගිතාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය හා මුදල් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය සරත් අමුණූගම, "ප‍්‍රජා මාධ්‍ය යුගයක ශ‍්‍රී‍්‍රි ලංකා පුවත්පත් මණ්ඩලයේ කාර්යභාරය" යන තේමාව යටතේ ප‍්‍රවෘත්ති අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය චරිත හේරත් යන මහත්වරු දේශන පවැත්වූහ. අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාද රැස්ව සිටි පිරිස ඇමතුවේය.