slpc.lk

පුවත් නිවේදන

puwathpath-logo 200 182ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය විසින් මෙහෙයවනු ලබන පුවත්පත් කලාව හා සන්නිවේදන අධ්‍යනය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව සඳහා අයැදුම්පත් කැඳවනු ලැබේ.
අනාගත මාධ්‍යවේදියකු ලෙස කටයුතු කිරීමට අපේක්ෂා කරන්නන්ගේ සහ සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය හදාරන්නන්ගේ දැනුම, අවබෝධය හා කුසලතා වර්ධනය කිරීම අරමුණු කරගෙන මේ පාඨමාලාව ආරම්භ කර ඇත.

යුනෙස්කෝ සංවිධානය මගින් පුහුණු මාධ්‍යවේදීන් සඳහා නිර්දේශ කර ඇති විෂය නිර්දේශය යටතේ මේ පාඨමාලාවේ අධ්‍යයන කටයුතු කෙරෙන අතර, යුනෙස්කෝ සංවිධානය නිර්දේශ කරන විෂය නිර්දේශයක් යටතේ පවත්වන එකම පාඨමාලාවද මෙය වේ.

කොළඹ ටාජ් සමුද්‍ර හෝටලයේදී ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ 40 වැනි සංවත්සරය ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති උත්සවයේදී සැමරිණි.

"ජන සන්නිවේදනයේ නව දිශානති" යන තේමාව යටතේ ජාත්‍යන්තර මුල්‍ය සහයෝගිතාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය හා මුදල් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය සරත් අමුණූගම, "ප‍්‍රජා මාධ්‍ය යුගයක ශ‍්‍රී‍්‍රි ලංකා පුවත්පත් මණ්ඩලයේ කාර්යභාරය" යන තේමාව යටතේ ප‍්‍රවෘත්ති අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය චරිත හේරත් යන මහත්වරු දේශන පවැත්වූහ. අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාද රැස්ව සිටි පිරිස ඇමතුවේය.

ශ‍්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ 40 වෙනි සංවත්සර උත්සවය ගරු ජනමාධ්‍ය හා ප‍්‍රවෘත්ති අමාත්‍යතුමාගේ ප‍්‍රධානත්වයෙන් විශ්ව විද්‍යාල ආචාර්යවරු, ප‍්‍රවීණ පුවත්පත් කලාවේදීන්, ජනමාධ්‍ය ආයතනවල ප‍්‍රධානින් හා සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගිත්වයෙන් 2013 සැප්තැම්බර් මස 23 වන දින ප.ව. 6.00 සිට කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ දී පැවැත්වේ.

මෙම උත්සවයේ මුඛ්‍ය දේශනය ජනසන්නිවේදනයේ නව දිශානති” මැයෙන් පවත්වනු ලබන්නේ ගරු ආචාර්ය සරත් අමුණුගම මැතිතුමා විසිනි. එසේම ප‍්‍රජා මාධ්‍ය යුගයක ශ‍්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ කාර්යභාරය” මැයෙන් ජනමාධ්‍ය හා ප‍්‍රවෘත්ති අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය චරිත හේරත් මහතාගේ දේශනයක් ද මෙදින වැඩසටහනට ඇතුළත්ය.

මෙදින විශේෂ අවස්ථාවන් ලෙස ශ‍්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ නිල වෙබ් අඩවිය එළි දැක්වීමත්, මාධ්‍ය සමීක්ෂා - ෂෂ” ග‍්‍රන්ථය එළිදැක්වීම මෙන්ම යෝජිත ජනමාධ්‍ය විද්‍යාලය පිළිබඳ හඳුන්වාදීමක් කිරීමට ද නියමිතව ඇත.