slpc.lk

පුවත් නිවේදන

ශි‍්‍ර ලංකා පුවත්පත් මණ්ඩලය මඟින් පවත්වනු ලබන මාසික දේශන මාලාවේ සිවිවන දේශනය ර්‍ණජනමාධ්‍යයේ නූතන ප‍්‍රවණතා හා ජනතා අපේක්ෂා” මැයෙන් පසුගියදා (2016/05/03) රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ‍්‍රවණාගාරයේදී පැවත්විණි. මෙදින දේශණය මෙහෙයවන ලද්දේ කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ අංශාධිපති එමෙන්ම ශි‍්‍ර ලංකා පුවත්පත් මණ්ඩල සාමාජික මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා විසිනි.

ශි‍්‍ර ලංකා පුවත්පත් මණ්ඩලය මඟින් පවත්වනු ලබන මාසික දේශන මාලාවේ තෙවන දේශනය ර්‍ණගවේෂණාත්මක වාර්තාකරණය හා එහි වත්මන් ප‍්‍රවණතා” මැයෙන් පසුගියදා (2016/02/26) රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ‍්‍රවණාගාරයේදී පැවත්විණි. මෙදින දේශණය මෙහෙයවන ලද්දේ "රාවය” පුවත්පතේ උපදේශක කර්තෘ, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතා විසිනි.

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී එස්.තිලෙයිනාදන් මහතා විසින් රචිත ර්‍ණ 50 වසරක පාර්ලිමේන්තු වාර්තාකරණය” මැයෙන් යුත් ග‍්‍රන්ථයෙහි සිංහල සහ ද්‍රවිඩ මාධ්‍ය දෙකෙන් සම්පාදිත පරිවර්තනයන් අතිගරු ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා වෙත පසුගියදා 2016/02/10 දින පිළිගන්වන ලදි.

ශ‍්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය මඟින් මෙහෙයවනු ලබන ර්‍ණජනමාධ්‍ය අධ්‍යයනය සහ පුවත්පත් කලාව” පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාවේ ඪ වන කණ්ඩායමේ සමාරම්භක උත්සවය පසුගියදා (2015.12.02* පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වජිර නාරම්පනාව මහතාගේ ප‍්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශ ශ‍්‍රවණාගාරයේ දී පැවැත්විණි.