slpc.lk

පුවත් නිවේදන

IMG 6722ශි‍්‍ර ලංකා පුවත්පත් මණ්ඩලය මඟින් සංවිධානය කරනු ලබන ප‍්‍රාදේශීය මාධ්‍යවේදී වැඩමුළු මාලාවේ කෑගල්ල දිස්ති‍්‍රක් ප‍්‍රාදේශිය මාධ්‍යවේදී වැඩමුළුව කෑගල්ල දිස්ති‍්‍රක් ලේකම් ඩබ්ලිව් .එම්. අබේවික‍්‍රම වනසූරීය මහතා ගේ සහ ශි‍්‍ර ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් "The Grand Ralidiya" ආයතනයේදී පසුගියදා (2016.07.23) පැවැත්විණි.

ශ‍්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය මඟින් මෑතකදී කරන ලද නිරීක්ෂණයන්ට අනුව ප‍්‍රමිතියෙන් තොර ඹෟෂධ දැන්වීම් විවිධ ජනමාධ්‍ය මඟින් පළ කිරීම හේතුවෙන් මහජනතාව මහත් අපහසුතාවයට පත්වන බවට දැන ගැනීමට ලැබී ඇත. ඒ අනුව ඇතැම් පාර්ශවයන් මණ්ඩලයට වරින් වර දන්වා ඇත්තේ එම දැන්වීම්වලට අනුව ඹෟෂධ මිලදී ගැනීමේදී හා ඒවා පරිහරණය කිරීමේදී විවිධ අපහසුතා හා ගැටලූවලට මුහුණපාන බවයි.

එබැවින් මෙකී කරුණ පිළිබඳව අප අධ්‍යක්ෂක මණ්ඩලය ඉතා දීර්ඝ ලෙස සාකච්ඡුා කර ඹෟෂධ දැන්වීම් පළ කිරීමේදී අනුමත උපමාන මාලාවක් අනුගමනය කිරීම වඩා ඵලදායි බවට යෝජනා කෙරිණ.

ශි‍්‍ර ලංකා පුවත්පත් මණ්ඩලය මඟින් පවත්වනු ලබන පාසල් මාධ්‍ය වැඩමුළු මාලාවේ රත්නපුර දිස්ති‍්‍රක්කයේ පාසල් ආවරණය වන පරිදි පාසල් මාධ්‍ය වැඩමුළුවක් 2016.05.12 වන දින පෙ.ව 8.30 ට රත්නපුර ෆර්ගසන් උසස් විද්‍යාලයේදී පැවැත්විණි.

ශි‍්‍ර ලංකා පුවත්පත් මණ්ඩලය මඟින් පවත්වනු ලබන මාසික දේශන මාලාවේ සිවිවන දේශනය ර්‍ණජනමාධ්‍යයේ නූතන ප‍්‍රවණතා හා ජනතා අපේක්ෂා” මැයෙන් පසුගියදා (2016/05/03) රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ‍්‍රවණාගාරයේදී පැවත්විණි. මෙදින දේශණය මෙහෙයවන ලද්දේ කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ අංශාධිපති එමෙන්ම ශි‍්‍ර ලංකා පුවත්පත් මණ්ඩල සාමාජික මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා විසිනි.