slpc.lk

අරමුණු
  • ශ‍්‍රී ලංකාවේ පුවත්පත් නිදහස සුරක්ෂිත කිරීම: ඒ නිදහසින් අයුතු ප‍්‍රයෝජන ගැනීම වැළැක්වීම හා සම්මත උසස්ම වෘත්තීය තත්ත්වයකට අනුකූලව ශ‍්‍රී ලංකාවෙහි පුවත්පත්වල ස්වරූපය ආරක්ෂා කිරීම:
  • කරුණු පිළිබඳ සත්‍යය ප‍්‍රකාශ ප‍්‍රවෘත්ති ලෙස පුවත්පත්වල පළ කිරීමේ සහ කරුණු පිළිබඳ සත්‍යය ප‍්‍රකාශ පදනම් කරගත් අදහස් පුවත්පත්වල පළ කිරීමේ නිදහස සුරක්ෂිත කිරීම:
  • පුවත්පත් හා පත‍්‍ර කලාවේදීන් විසින් උසස් පත‍්‍ර කලාවේදීන් ආචාර ධර්ම පවත්වාගෙන යනු ලැබීම ගැන වගබලා ගැනීම හා පුරවැසි අයිතිවාසිකම් හා වගකීම් යන දෙකරුණ පිළිබඳ නිසි හැඟීමක් වඩාලීම:
  • පත‍්‍ර කලාවේදී වෘත්තියෙහි සේවයට බඳවා ගැනීමේ ක‍්‍රම, සුභ සාධනය, අධ්‍යාපනය හා පුහුණු කිරීම වැඩිදියුණු කිරීම:
  • පුවත්පත් නිෂ්පාදනයෙහි හෝ පළ කිරීමෙහි නියුක්ත සියලු අංශ අතර ක‍්‍රියාකිරීමේ නිසි සම්බන්ධතාවකට අනුබල දීම හා ප‍්‍රවෘත්ති සැපයීම හා පතුරුවා හැරීම සඳහා අවශ්‍ය බව කලින් කළ පෙනීයා හැකි පොදු සේවාවන් ඇති කිරීම:
  • පුවත්පත් භාවිතය හා පුවත්පත්වල අවශ්‍යතා පිළිබඳව පර්යේෂණ පැවැත්වීම: පොදු යහපත සඳහා වු හා පොදු වැදගත්කමින් යුත් තොරතුරු සැපයීම සීමා වීමට හේතු විය හැකි අලුත් තත්ත්වයන් හා ශ‍්‍රී ලංකාවේ පුවත්පත් වල ඇති වන එක්තැන් වීම හෝ ඒකාධිකාරී බවට පත්වීම කෙරෙහි නැඹුරුවිය හැකි අලුත් තත්ත්වයන් සමාලෝචනයට භාජනව තැබීම: හා ඒවා සම්බන්ධයෙන් ප‍්‍රතිකර්ම වශයෙන් සුදුසු ක‍්‍රියා මාර්ග යෝජනා කිරීම:
  • පුවත්පත් විධිමත් කිරීම හා පුවත්පත් පවත්වා ගෙන යාමට අදාල කවර කරුණක් සම්බන්ධයෙන් වුවද රජයට අනුශාසනා කිරීම: