slpc.lk

2017.01.24 දින විභාගයට ගත් පැමිණිලි සම්බන්ධව මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණයන්

2017.01.24 දින විභාගයට ගත් පැමිණිලි සම්බන්ධව මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණයන්

පැමිණිලි අංකය : පීසී/ආර්/166/2015/274

අන්තර්ගතය
2016.04.29 "ලංකාදීප" පුවත්පතේ පෙම් හසුනක් දුන්නැයි හිමිනමක් සිසුවියට වේවැලෙන් ගහලා” යන උධෘතය යටතේ අසත්‍ය, අපහාසාත්මක පුවත්පත් වාර්තාවක් පළ කර ඇති බවට, ඞී.ඩබ්ලිවි.පී.මර්වින් මහතා කර ඇති පැමිණිල්ල.       

තීරණය
දෙපාර්ශවයම පැමිණ සිටි අතර වගඋත්තරකාර පාර්ශවයට අදාල ලිපිය ඉදිරිපත් කිරීම සඳහා ඉදිරි දිනයක් නියම කරන ලදි.

පරීක්ෂණය පැවැත්වෙන ඉදිරි දිනය
2017.02.21 


පැමිණිලි අංකය : පීසී/ආර්/166/2015/275

අන්තර්ගතය
2016.04.29 "මව්බිම" පුවත්පතේ "ගුරු හිමිනමකට සිසුවියක් අඩි 3 1/2 ක පෙම් හසුනක් දීලා” යන උධෘතය යටතේ අසත්‍ය, අපහාසාත්මක පුවත්පත් වාර්තාවක් පළ කර ඇති බවට, ඞී.ඩබ්ලිවි. පී. මර්වින් මහතා කර ඇති පැමිණිල්ල.       

තීරණය
දෙපාර්ශවයම පැමිණ සිටි අතර අදාල වාර්තාවේ පැමිණිලිකාර පාර්ශවය හඳුනා ගත හැකි වන පරිදි ඉදිරිපත් කර නොමැති බැවින් නඩු කටයුතු අවසන් කරන ලදි.

පරීක්ෂණය පැවැත්වෙන ඉදිරි දිනය
2017.02.21


පැමිණිලි අංකය : පීසී/ආර්/166/2016/289

අන්තර්ගතය
2016.08.14 "සත්හඩ" පුවත්පතේ  "හිරුණිකා - වැලි චූලා සන්ධානයක්” යන උධෘතය යටතේ අසත්‍ය, අපහාසාත්මක පුවත්පත් වාර්තාවක් පළ කර ඇති බවට, පාර්ලිමේන්තු මන්ත‍්‍රිනී ගරු හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මහත්මිය කර ඇති පැමිණිල්ල.    

තීරණය
දෙපාර්ශවයම පැමිණ සිටි අතර අදාල වාර්තාවේ පැමිණිලිකාර පාර්ශවය හඳුනා ගත හැකි වන පරිදි ඉදිරිපත් කර නොමැති බැවින් නඩු කටයුතු අවසන් කරන ලදි.

පරීක්ෂණය පැවැත්වෙන ඉදිරි දිනය
2017.02.21


පැමිණිලි අංකය : පීසී/ආර්/166/2016/298

අන්තර්ගතය
2016.08.28 "සත්හඩ" පුවත්පතේ "ඇමති පුංචිනිලමේ ආණ්ඩු විරෝධියෙක් වෙලා” යන උධෘතය යටතේ අසත්‍ය, අපහාසාත්මක පුවත්පත් වාර්තාවක් පළ කර ඇති බවට, රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ නියෝජ්‍ය අමාත්‍ය ගරු පුංචිනිලමේ මැතිතුමා කර ඇති පැමිණිල්ල

තීරණය
දෙපාර්ශවයම පැමිණ සිටි අතර අදාල වාර්තාවේ පැමිණිලිකාර පාර්ශවය හඳුනා ගත හැකි වන පරිදි ඉදිරිපත් කර නොමැති බැවින් නඩු කටයුතු අවසන් කරන ලදි.

පරීක්ෂණය පැවැත්වෙන ඉදිරි දිනය
2017.03.21


පැමිණිලි අංකය : පීසී/ආර්/166/2016/299

අන්තර්ගතය
2016.09.08 "සියදෙස" පුවත්පතේ "මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ අපවත්වීම ගැන සැකයක්” යන උධෘතය යටතේ අසත්‍ය, අපහාසාත්මක පුවත්පත් වාර්තාවක් පළ කර ඇති බවට, ෂෙහාන් චාමික සිල්වා මහතා කර ඇති පැමිණිල්ල

තීරණය
දෙපාර්ශවයම පැමිණ නොසිටි අතර පැමිණිල්ල නිෂ්ප‍්‍රභ කරන ලදි.

පරීක්ෂණය පැවැත්වෙන ඉදිරි දිනය
2017.03.21


පැමිණිලි අංකය : පීසී/ආර්/166/2016/310

අන්තර්ගතය
2016.11.13 "රිවිර ඉරිදා සංග‍්‍රහය" පුවත්පතේ "තහනම නොතකා ඌවේ 64 ක් ඉන්දියාවට යති” යන උධෘතය යටතේ අසත්‍ය, අපහාසාත්මක පුවත්පත් වාර්තාවක් පළ කර ඇති බවට, ඌව පළාතේ ප‍්‍රධාන අමාත්‍යතුමාගේ මාධ්‍ය ලේකම් සුජීව චින්තක සෝමරත්න මහතා කර ඇති පැමිණිල්ල.

තීරණය
පැමිණිලිකාර පාර්ශවය පැමිණ නොසිටි අතර ඊළඟ පරීක්ෂණ දින අනිවාර්යයෙන්ම සහභාගි වන ලෙස ලිඛිත දැනුම් දීම් කිරීමට තීරණය කරන ලදි.

පරීක්ෂණය පැවැත්වෙන ඉදිරි දිනය
2017.03.07


පැමිණිලි අංකය : පීසී/ආර්/166/2016/313

අන්තර්ගතය
2016.11.06 "සත්හඩ" පුවත්පතේ "ළමා ආරක්ෂකයේ ලිංගික අපයෝජකයෙකි” යන උධෘතය යටතේ අසත්‍ය, අපහාසාත්මක පුවත්පත් වාර්තාවක් පළ කර ඇති බවට, ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ, සභාපති, ආචාර්ය නටාශා බාලේන්ද්‍ර මහත්මිය කර ඇති පැමිණිල්ල.

තීරණය
වගඋත්තරකාර පාර්ශවය පැමිණ නොසිටි අතර ඊළඟ පරීක්ෂණ දින අනිවාර්යයෙන්ම පැමිණෙන ලෙස ලිඛිත දැනුම් දිම් කිරීමට තීරණය කරන ලදි.

පරීක්ෂණය පැවැත්වෙන ඉදිරි දිනය
2017.02.07


පැමිණිලි අංකය : පීසී/ආර්/166/2016/290

අන්තර්ගතය
2016.08.21 "සත්හඩ" පුවත්පතේ "හිරුණිකා - වැලි චූලා හිරුණිකාට ඉඩම් මනි” යන උධෘතය යටතේ අසත්‍ය, අපහාසාත්මක පුවත්පත් වාර්තාවක් පළ කර ඇති බවට, පාර්ලිමේන්තු මන්ත‍්‍රිනී ගරු හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මහත්මිය කර ඇති පැමිණිල්ල.

තීරණය
පැමිණිලි පාර්ශවයේ කිසිදු නියෝජනයක් නොවූණිි. තවද යම් දිනක පැමිණිලිිකාර පාර්ශවයේ ඉල්ලීීමකට අනුව පරීක්ෂණ පැවැත්වීමට යටත්ව පැමිණිල්ල බහා තැබීමට තීරණය කරන ලදි.

පරීක්ෂණය පැවැත්වෙන ඉදිරි දිනය
2017.02.07


පැමිණිලි අංකය : පීසී/ආර්/166/2016/300

අන්තර්ගතය
2016.09.04 "මව්බිම" පුවත්පතේ "කෝටි තුනහමාරක් ගල් කරපු පොළොන්නරුවේ මාර ගල් ඇල්ලිල්ල” යන උධෘතය යටතේ අසත්‍ය, අපහාසාත්මක පුවත්පත් වාර්තාවක් පළ කර ඇති බවට, මහාචාර්ය ගාමිණී අධිකාරි මහතා කර ඇති පැමිණිල්ල.

තීරණය
දෙපාර්ශවය පැමිණ සිටි අතර පැමිණිලිකාර පාර්ශවයේ නීතිඥ මහතාට මෙදින පෙනී සිටීමට නොහැකි බව දැන්වූ බැවින් ඉදිරි දිනයක් ලබාදෙන ලදි.

පරීක්ෂණය පැවැත්වෙන ඉදිරි දිනය
2017.03.21


පැමිණිලි අංකය : පීසී/ආර්/166/2016/301

අන්තර්ගතය
2016.08.25 "මව්බිම" පුවත්පතේ "වයඹ අළු යට ගිනි” යන උධෘතය යටතේ අසත්‍ය, අපහාසාත්මක පුවත්පත් වාර්තාවක් පළ කර ඇති බවට, වයඹ පළාත් සභාවේ විපක්ෂ නායක ප‍්‍රසන්න ශමල් සෙනරත් මහතා කර ඇති පැමිණිල්ල.

තීරණය
දෙපාර්ශවය පැමිණ සිටි අතර පැමිණිලිකාර පාර්ශවයේ ඉල්ලීම මත ඉදිරි දිනයක් ලබාදෙන ලදි.

පරීක්ෂණය පැවැත්වෙන ඉදිරි දිනය
2017.03.21


පැමිණිලි අංකය : පීසී/ආර්/166/2016/249

අන්තර්ගතය
2012 ජුනි 27 - "මාරපනේ ගෝල බාලයෝ තවම වැඩ”
2012 ජුනි 28 - "හිතුමතේ වැඩ කිරීමට අධ්‍යක්ෂ ජෙනරාල්ට බලය කොයින්ද?"
2016.01.20 - "සිවිල් ගුවන් සේවා අධිකාරිය වටලයි”
2016.01.31 - "සිවිල් ගුවන් සේවා අධිකාරියේ හිතුමතේ වියදම්”
ඉහත දින හා ශීර්ෂ පාඨ සහිතව දිනමිණ පුවත්පත්වල පළවූ වාර්තා,, අසත්‍ය,, අපහාසාත්මක පුවත්පත් වාර්තා බවට,, සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් හා ප‍්‍රධාන විධායක නිලධාරි එච්.එම්.සී. නිමල්සිරි මහතා කර ඇති පැමිණිල්ල

තීරණය
දෙපාර්ශවයම පැමිණ සිටි අතර ඉදිරි කටයුතු සඳහා ඉදිරි දිනයක් ලබා දෙන ලදි.

පරීක්ෂණය පැවැත්වෙන ඉදිරි දිනය
2017.02.21


පැමිණිලි අංකය : පීසී/ආර්/166/2016/284

අන්තර්ගතය
"මව්බිම (ඉරිදා)" පුවත්පතේ පහත සඳහන් දින හා ශීර්ෂ පාඨ සහිත වාර්තා , ශ‍්‍රී ලංකා පුවත්පත් මණ්ඩල පනතේ 9 වැනි වගන්තිය ප‍්‍රකාරව ගැනෙන අසත්‍ය, අපහාසාත්මක පුවත්පත් වාර්තා පළ කර ඇති බවට, ක‍්‍රිෂාන්තිනි නඩරාජා මහත්මිය කර ඇති පැමිණිල්ල.

තීරණය
දෙපාර්ශවයම පැමිණ සිටි අතර ඉදිරි කටයුතු සඳහා ඉදිරි දිනයක් ලබා දෙන ලදි.

පරීක්ෂණය පැවැත්වෙන ඉදිරි දිනය
2017.03.21


 

Read 184 times