slpc.lk

2016.06.07 දින විභාගයට ගත් පැමිණිලි සම්බන්ධව මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණයන්

2016.06.07 දින විභාගයට ගත් පැමිණිලි සම්බන්ධව මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණයන්

පැමිණිලි අංකය : පීසී/ආර්/166/2016/239

අන්තර්ගතය
2015.12.21 "මව්බිම" පුවත්පතේ "හොර රක්ෂණ රිසිට්වලින් කෘෂි රක්ෂණ මණ්ඩලයේ මහා ගැහිල්ලක්” යන උධෘතය යටතේ අසත්‍ය, අපහාසාත්මක පුවත්පත් වාර්තාවක් පළ කර ඇති බවට, කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති, සිඞ්නි ගජනායක මහතා කර ඇති පැමිණිල්ල       

තීරණය
පැමිණිලිකාර පාර්ශවයට ලිඛිත දේශන මීළඟ පරීක්ෂණ දින ඉදිරිපත් කරන ලෙස දන්වන ලදි.

පරීක්ෂණය පැවැත්වෙන ඉදිරි දිනය
2016.07.26


පැමිණිලි අංකය : පීසී/ආර්/166/2015/237

අන්තර්ගතය
2015.12.04 "දිනමිණ" පුවත්පතේ "අනවසර ඉදි කිරීම් රැකගන්න ........” යන උධෘතය යටතේ අසත්‍ය, අපහාසාත්මක පුවත්පත් වාර්තාවක් පළ කර ඇති බවට, එච්.පී.ජී.ඒ. හේවාපතිරණ මහතා කර ඇති පැමිණිල්ල

තීරණය
2016.04.20 හා 2016.06.07 යන දිනවල පැවති පරීක්ෂණ කටයුතු සඳහා දෙපාර්ශවයම පැමිණ නොසිටි අතර එම දින දෙකෙහිදීම පැමිණිලිකාර පාර්ශවය වෙනත් දිනයක් ඉල්ලමින් ලිඛිත දැනුම්දීම් ද කර තිබුණිි. ඒ අනුව දිගින් දිගටම පරීක්ෂණ සඳහා පැමිණිලිකාර පාර්ශවය සහභාගි නොවූ හෙයින් යම් දිනක පැමිණිලිකාර පාර්ශවයේ ඉ්ල්ලීමකට අනුව පරීක්ෂණ පැවැත්වීමට යටත්ව පැමිණිල්ල බහා තැබීමට තීරණය කරන ලදි.


පැමිණිලි අංකය : පීසී/ආර්/166/2015/252

අන්තර්ගතය
2016.01.01 "දිනමිණ" පුවත්පතේ "වන පැරණිය නොව රමණිය අම්බලන්ගොඩ සුනන්දාරාමය” යන උධෘතය යටතේ අසත්‍ය, අපහාසාත්මක පුවත්පත් වාර්තාවක් පළ කර ඇති බවට, අම්බලන්ගොඩ, ශ‍්‍රී සුනන්දාරාම මහා විහාරයේ විහාරාධිපති පූජ්‍යපාද මොලිගමුවේ ධම්මවිමල නායක මහා ස්ථවිරයාණන් වහන්සේ කර ඇති පැමිණිල්ල

තීරණය
වගඋත්තරකාර පාර්ශවය පැමිණ නොසිටි අතර නිවැරදි කිරීමක් සකස් කර මණ්ඩලය වෙත එවන ලෙසට පැමිණිලිකාර පාර්ශවයට දන්වන ලදි.


පැමිණිලි අංකය : පීසී/ආර්/166/2015/245

අන්තර්ගතය
2015.10.29 "දිනමිණ" පුවත්පතේ "ලිහිසි තෙල් අලෙවි නියෝජිතයන් රවටා මුදල් වංචා කළ තරුණයකු සොයා පොලිස් පරීක්ෂණ” යන උධෘතය යටතේ අසත්‍ය, අපහාසාත්මක පුවත්පත් වාර්තාවක් පළ කර ඇති බවට, කේ.ජී.සී.රාජපක්ෂ මහතා කර ඇති පැමිණිල්ල

තීරණය
අඛණ්ඩව පැමිණිලිකාර පාර්ශවය සහභාගි නොවුණු බැවින් පැමිණිල්ල නිෂ්ප‍්‍රභ කරන ලදි.


පැමිණිලි අංකය : පීසී/ආර්/166/2016/264

අන්තර්ගතය
2016 "ගුරු හඩ” මාර්තු අපේ‍්‍රල් කලාපයේ  "අධ්‍යාපන සමූපකාරයේ සාමාජික මුදල් කොල්ලය” යන උධෘතය යටතේ අසත්‍ය, අපහාසාත්මක පුවත්පත් වාර්තාවක් පළ කර ඇති බවට, මහින්ද ජයසිංහ මහතා කර ඇති පැමිණිල්ල.

තීරණය
පැමිණිලිකාර පාර්ශවය විසින් ලිඛිත දේශන ඉදිරිපත් කරන ලද අතර ඒ සඳහා පිළිතුරු ඊළඟ පරීක්ෂණ දින ලබාදෙන ලෙසට වගඋත්තරකාර පාර්ශවයට දැනුම් දෙන ලදි. 

පරීක්ෂණය පැවැත්වෙන ඉදිරි දිනය
2016.07.26


පැමිණිලි අංකය : පීසී/ආර්/166/2016/256

අන්තර්ගතය
2016.02.11 "ලංකාදීප" පුවත්පතේ "විකෘති කළ සිංහලේ කොඩි 45 ක් පොලිස් භාරයට” යන උධෘතය යටතේ අසත්‍ය, අපහාසාත්මක පුවත්පත් වාර්තාවක් පළ කර ඇති බවට, ස්වර්ණ හංස පදනමේ ප‍්‍රධානී ගාල්ලගේ පුණ්‍යවර්ධන මහතා කර ඇති පැමිණිල්ල.

තීරණය
වගඋත්තරකාර පාර්ශවයේ හා පැමිණිලිකාර පාර්ශවයේ ඉදිරිපත් කරන ලද කරුණු සලකා බලන ලද අතර මණ්ඩලය විසින් දන්වා සිටියේ සිදුවූ සිදුවීමක් ඒ ආකාරයෙන්ම වාර්තා කර ඇති බවයි. ඒ අනුව මෙම පැමිණිල්ල තවදුරටත් ඉදිරියට ගෙන යාමේ අවශ්‍යතාවක් නොමැති බවට තීරණය කරන ලදි.


පැමිණිලි අංකය : පීසී/ආර්/166/2016/260

අන්තර්ගතය
2016.03.08 "ලංකාදීප" (දිනපතා) පුවත්පතේ "මැනිං වෙළඳ පොළේ නාට්ටාමිලාට කුඩු විකුණූ ඕලූ අත්අඩංගුවේ” යන උධෘතය යටතේ අසත්‍ය, අපහාසාත්මක පුවත්පත් වාර්තාවක් පළ කර ඇති බවට, එම්.ඒ. දිනේෂ් සුරංග මහතා කර ඇති පැමිණිල්ල.

තීරණය
මීළඟ පරීක්ෂණ දින ලිපිය ලියූ පුවත්පත් වාර්තාකරු සහභාගි කරවන බවට වගඋත්තරකාර පාර්ශවයට දන්වන ලදි.

පරීක්ෂණය පැවැත්වෙන ඉදිරි දිනය
2016.07.05


පැමිණිලි අංකය : පීසී/ආර්/166/2016/267

අන්තර්ගතය
2016.04.17 "දිවයින ඉරිදා සංග‍්‍රහය" පුවත්පතේ "නාඩගමකට සැරසෙන 2015 රාජ්‍ය නාට්‍ය උළෙල” යන උධෘතය යටතේ අසත්‍ය, අපහාසාත්මක පුවත්පත් වාර්තාවක් පළ කර ඇති බවට, නාට්‍ය අධ්‍යක්ෂ සුමුදු මල්ලවආරච්චි මහතා කර ඇති පැමිණිල්ල

තීරණය
පැමිණිල්ලේ විභාග කටයුතු ඉදිරි දින ආරම්භ කරන බවට තීරණය කරන ලදි.

පරීක්ෂණය පැවැත්වෙන ඉදිරි දිනය
2016.07.26


පැමිණිලි අංකය : පීසී/ආර්/166/2016/268

අන්තර්ගතය
2016.04.17 "දිවයින ඉරිදා සංග‍්‍රහය" පුවත්පතේ "නාඩගමකට සැරසෙන 2015 රාජ්‍ය නාට්‍ය උළෙල” යන උධෘතය යටතේ අසත්‍ය, අපහාසාත්මක පුවත්පත් වාර්තාවක් පළ කර ඇති බවට, ජන කරලිය ආයතනයේ නිර්මාණ/විධායක අධ්‍යක්ෂ පරාක‍්‍රම නිරිඇල්ල මහතා කර ඇති පැමිණිල්ල

තීරණය
පැමිණිලිකාර පාර්ශවය නොමැති බැවින් පැමිණිල්ල විභාග කරන ඊළඟ දිනට අනිවාර්යයෙන් පැමිණෙන ලෙසට දැනුුම් දෙන ලදි.

පරීක්ෂණය පැවැත්වෙන ඉදිරි දිනය
2016.07.26


පැමිණිලි අංකය : පීසී/ආර්/166/2016/269

අන්තර්ගතය
2016.04.17 "දිවයින ඉරිදා සංග‍්‍රහය" පුවත්පතේ "නාඩගමකට සැරසෙන 2015 රාජ්‍ය නාට්‍ය උළෙල” යන උධෘතය යටතේ අසත්‍ය, අපහාසාත්මක පුවත්පත් වාර්තාවක් පළ කර ඇති බවට, නාට්‍ය අධ්‍යක්ෂ රාසයියා ලෝගානන්දන් මහතා කර ඇති පැමිණිල්ල

තීරණය
පැමිණිලිකාර පාර්ශවය නොමැති බැවින් පැමිණිල්ල විභාග කරන ඊළඟ දිනට අනිවාර්යයෙන් පැමිණෙන ලෙසට දැනුුම් දෙන ලදි.

පරීක්ෂණය පැවැත්වෙන ඉදිරි දිනය
2016.07.26


පැමිණිලි අංකය : පීසී/ආර්/166/2016/271

අන්තර්ගතය
2016.05.08 "දිවයින ඉරිදා සංග‍්‍රහය" පුවත්පතේ "ජවිපෙ මීළඟ නායකයා ටිල්වින් ද? ලාල් කාන්ත ද?” යන උධෘතය යටතේ අසත්‍ය, අපහාසාත්මක පුවත්පත් වාර්තාවක් පළ කර ඇති බවට, ජනතා විමුක්ති පෙරමුණ පක්ෂයේ ප‍්‍රධාන ලේකම්, එම්.ටිල්වින් සිල්වා මහතා කර ඇති පැමිණිල්ල

තීරණය
දෙපාර්ශවයම සහභාගි වූ අතර විත්තියේ නීතිඥ මහතා හා පැමිණිල්ලේ නීතිඥ මහතා මණ්ඩලය වෙත කරුණු දක්වන ලදි. නිවැරදි කිරිමක් සකස් කර මණ්ඩලය වෙත එවන ලෙස පැමිණිල්ලට දන්වන ලද අතර එම නිවැරදි කිරීම ලද පසු දෙපාර්ශවයේ එකඟතාවය මත පුවත්පත වෙතට යොමු කරන ලෙස උපදෙස් දෙන ලදි.

පරීක්ෂණය පැවැත්වෙන ඉදිරි දිනය
2016.07.26


පැමිණිලි අංකය : පීසී/ආර්/166/2015/232

අන්තර්ගතය
2015.10.04 "රිවිර ඉරිදා සංග‍්‍රහය" පුවත්පතේ "කඩුවෙල ගිනියම් කළ සමයංට වැරදුන තැන” යන උධෘතය යටතේ අසත්‍ය, අපහාසාත්මක පුවත්පත් වාර්තාවක් පළ කර ඇති බවට, වී.ජී.පී. නුවන්දි මහත්මිය කර ඇති පැමිණිල්ල.

තීරණය
දෙපාර්ශවයේම නියෝජනයක් නොවූ බැවින් අවසාන දිනයක් නියම කර එදිනට අනිවාර්යයෙන් සහභාගි වන ලෙස දැනුම් දීමට උපදෙස් දෙන ලදි.

පරීක්ෂණය පැවැත්වෙන ඉදිරි දිනය
2016.04.05


පැමිණිලි අංකය : පීසී/ආර්/166/2015/233

අන්තර්ගතය
2015.08.28 "දිවයින දිනපතා" පුවත්පතේ "එක්නැලිගොඩ ඝාතනයට සැක හමුදා නිලධාරීන්ට කප්පම් චෝදනා” යන යන උධෘතය යටතේ අසත්‍ය, අපහාසාත්මක පුවත්පත් වාර්තාවක් පළ කර ඇති බවට, ෂමිත් කුමාරරත්න මහතා කර ඇති පැමිණිල්ල.

තීරණය
දෙපාර්ශවයම පැමිණ නොසිටි අතර පැමිණිලිකාර පාර්ශවය වෙනත් දිනයක් ඉල්ලා ලිඛිත දැනුම්දීම් කර තිබූ බැවින් වෙනත් ඉදිරි දිනයක් ලබාදෙන ලදි. එම දිනය පරීක්ෂණයේ අවසාන දිනය බව තීරණය කරන ලද අතර දෙපාර්ශවයටම ලිඛිතව දැනුම් දීමට ද උපදෙස් දෙන ලදි.

පරීක්ෂණය පැවැත්වෙන ඉදිරි දිනය
2016.04.05


පැමිණිලි අංකය : පීසී/ආර්/166/2014/206

අන්තර්ගතය
2014.08.01 "Daily Mirror" පුවත්පතේ "ICC STOPS Rs. ONE BILLION PAYMENT TO SLC” යන උධෘතය යටතේ අසත්‍ය, අපහාසාත්මක පුවත්පත් වාර්තාවක් පළ කර ඇති බවට, ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරී ඈශ්ලි ද සිල්වා මහතා කර ඇති පැමිණිල්ල.

තීරණය
වගඋත්තරකාර පාර්ශවය පෙනී සිටියේ්ය. නමුත් පැමිණිලිකාර පාර්ශවය දින දෙකක් පැමිණ නැත. පැමිණිල්ල බහා තැබීමට තීරණය කරන ලදි.


පැමිණිලි අංකය : පීසී/ආර්/166/2013/163

අන්තර්ගතය
2013.12.08 "දිවයින ඉරිදා" පුවත්පතේ "මේ එන්නේ අපගේ මිතුරෙකි. ඔහුට ටෙන්ඩරය ලබා දෙන්න, යන උධෘතය යටතේ අසත්‍ය, අපහාසාත්මක පුවත්පත් වාර්තාවක් පළ කර ඇති බවට නියෝජ්‍ය පොලිස්පති නීතිඥ ගාමිණී දිසානායක මහතා කර ඇති පැමිණිල්ල

තීරණය
වගඋත්තරකාර පාර්ශවය පැමිණ නැත. පැමිණිලිකාර පාර්ශවය පෙනී සිටියේය. නිවැරදි කිරීම පළ කිරීම සලකා බැලීම සඳහා ඉදිරි දිනයක් නියම කරන ලදි.

පරීක්ෂණය පැවැත්වෙන ඉදිරි දිනය
2016.04.05


පැමිණිලි අංකය : පීසී/ආර්/166/2015/234

අන්තර්ගතය
2015.08.28 "දිවයින දිනපතා" පුවත්පතේ "එක්නැලිගොඩ ඝාතනයට සැක හමුදා නිලධාරීන්ට කප්පම් චෝදනා” යන යන උධෘතය යටතේ අසත්‍ය, අපහාසාත්මක පුවත්පත් වාර්තාවක් පළ කර ඇති බවට, නියෝමි තුෂාරා ජයසේකර මහත්මිය කර ඇති පැමිණිල්ල.

තීරණය
වගඋත්තරකාර පාර්ශවය පෙනී සිටියේ්ය. පැමිණිලිකාර පාර්ශවය පැමිණ සිටියේ නැත. වගඋත්තරකාර පාර්ශවය විසින් කනගාටුව ප‍්‍රකාශ කර පුවත්පතේ නිවැරදි කිරීමක් පළ කිරීමට එකඟ වූ බැවින් මෙම පැමිණිල්ල අවසන් කරන ලදි.


පැමිණිලි අංකය : පීසී/ආර්/166/2013/127

අන්තර්ගතය
2013.04.09 "ලංකාදීප" නිලවරණයේ දී මත්පැන් සාද පවත්වා ඡන්ද අක‍්‍රමිකතා සිදු කළාලූ, 2013.04.08 ලංකාදීප, "දඹුල්ල සමූපකාර ඡුන්දෙට ආ කොමසාරිස්වරයෙකු ඇතුළු පරීක්ෂකවරු පිරිසක් ඡන්ද අපේක්ෂකයෝ සමඟ මත්පැන් සාදයක, සහ 2013.05.22 ලංකාදීප, දෙපාර්තමේන්තු අධීක්ෂණයකින් තොරව දඹුල්ල සමූප නිලවරණය තබා අධ්‍යක්ෂ මණ්ඩලය පත් වෙලා, යන උධෘත යටතේ අසත්‍ය, අපහාසාත්මක පුවත්පත් වාර්තා පළ කර ඇති බවට දඹුල්ල, සී/ස. රංගිරි දඹුල්ල විවිධ සේවා සමූපකාර සමිති සභාපති, කේ.ජි. අබේරත්න මහතා කර ඇති පැමිණිල්ල.

තීරණය
අද දින විත්තියේ සාක්ෂි ඉදිරිපත් කරන ලදි. පුවත්පතේ නිවැරදි කිරීමක් පළ කිරීමට දෙපාර්ශවය එකඟතාවයකට පත් වේ නම් ඒ පිළිිිිබඳව ඊළඟ පරීක්ෂණ දිනට දැනුම් දෙන ලෙස දෙපාර්ශවයට දන්වන ලදි. ඊළඟ පරීක්ෂණ දිනය අවසාන පරීක්ෂණ දිනය ලෙස දන්වන ලදි.

පරීක්ෂණය පැවැත්වෙන ඉදිරි දිනය
2016.01.26


පැමිණිලි අංකය : පීසී/ආර්/166/2013/138

අන්තර්ගතය
2013.04.21 දින ඉරිදා ලංකාදීප පුවත්පතේ, දඹුල්ල සමූපේ බලය ගන්න කළ අරගල, යන උධෘතය යටතේ අසත්‍ය, අපහාසාත්මක පුවත්පත් වාර්තාවක් පළ කර ඇති බවට දඹුල්ල, සී/ස. රංගිරි දඹුල්ල වි.සේ.ස. සමිතියේ සභාපති කේ.ජී. අබේරත්න මහතා කර ඇති පැමිණිල්ල.

ඉහත පීසී/ආර්/166/2013/127 හා පීසී/ආර්/166/2013/138 අංක දරන පැමිණිලි එකිනෙකට සම්බන්ධ බැවින් එකවර විභාගයට ගන්නා ලදි.

තීරණය
අද දින විත්තියේ සාක්ෂි ඉදිරිපත් කරන ලදි. පුවත්පතේ නිවැරදි කිරීමක් පළ කිරීමට දෙපාර්ශවය එකඟතාවයකට පත් වේ නම් ඒ පිළිිිිබඳව ඊළඟ පරීක්ෂණ දිනට දැනුම් දෙන ලෙස දෙපාර්ශවයට දන්වන ලදි. ඊළඟ පරීක්ෂණ දිනය අවසාන පරීක්ෂණ දිනය ලෙස දන්වන ලදි.

පරීක්ෂණය පැවැත්වෙන ඉදිරි දිනය
2016.01.26


පැමිණිලි අංකය : පීසී/ආර්/166/2014/217

අන්තර්ගතය
2014.12.14 "ඉරිදා ලංකාදීප" පුවත්පතේ "කොටි වැනසූ යානයේ නියමුවා ජීවතුන් අතරද” යන උධෘතය යටතේ අසත්‍ය, අපහාසාත්මක පුවත්පත් වාර්තාවක් පළ කර ඇති බවට සෙව්වන්දි නානායක්කාර මහත්මිය කර ඇති පැමිණිල්ල.

තීරණය
පැමිණිල්ල විභාගයට ගත් 2015.10.14 හා 2015.12.08 දිනවල පැමිණිලි පාර්ශවය නොපැමිණි බැවින් මෙම පැමිණිල්ල නිෂ්ප‍්‍රභ කරන ලදි.


පැමිණිලි අංකය : පීසී/ආර්/166/2014/218

අන්තර්ගතය
2014.12.14 "ඉරිදා ලක්බිම" පුවත්පතේ "අවුරුදු 14 කට පෙර කොටි ප‍්‍රහාරයකින් අතුරුදහන් වූ ගුවන් නියමුවකු විදෙස් රටක ජීවතුන් අතර” යන උධෘතය යටතේ අසත්‍ය, අපහාසාත්මක පුවත්පත් වාර්තාවක් පළ කර ඇති බවට සෙව්වන්දි නානායක්කාර මහත්මිය කර ඇති පැමිණිල්ල.

තීරණය
පැමිණිල්ල විභාගයට ගත් 2015.10.14 හා 2015.12.08 දිනවල පැමිණිලි පාර්ශවය නොපැමිණි බැවින් මෙම පැමිණිල්ල නිෂ්ප‍්‍රභ කරන ලදි.


පැමිණිලි අංකය : පීසී/ආර්/166/2014/230

අන්තර්ගතය
2013.01.27, 2013.06.16 හා 2013.07.14 දිනැති දිවයින ඉරිදා සංග‍්‍රහය පුවත්පත්වල පිළිවෙලින්, අධ්‍යාපනපති විභාග අක‍්‍රමිකතා ගැන පූර්ණ පරීක්ෂණයක්, අධ්‍යාපනපති විභාග වංචා සඟවන්න වලිකයි" හා ,සොරකම් කළ විභාගයක්, යන උධෘත යටතේ අසත්‍ය, අපහාසාත්මක පුවත්පත් වාර්තා පළ කර ඇති බවට ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ සභාපති, ආචාර්ය ජයන්ති ගුණසේකර මහත්මිය කර ඇති පැමිණිල්ල.

තීරණය
විත්තියේ නීතිඥ මහතා හා පැමිණිල්ලේ නීතිඥ මහතා මණ්ඩලය වෙත කරුණු දක්වන ලදි. නිවැරදි කිරිමක් සකස් කර සතියක් තුළ මණ්ඩලය වෙත එවන ලෙස පැමිණිල්ලට දන්වන ලද අතර එම නිවැරදි කිරීම ලද පසු පුවත්පත වෙතට යොමු කරන ලෙස උපදෙස් දෙන ලදි.

පරීක්ෂණය පැවැත්වෙන ඉදිරි දිනය
2016.01.12


පැමිණිලි අංකය : පීසී/ආර්/166/2014/220

අන්තර්ගතය
2013.01.21, 2013.02.11, 2013.07.08 හා 2015.02.02 දිනැති ,දිවයින, දිනපතා පුවත්පත්වල පිළිවෙලින් ,අධ්‍යාපනපති විභාගයේත් හිල් සමාන අත් අකුරු සහිත උත්තර පත‍්‍ර දෙකකින් හොරේ එළියට", "අසාධාරණයට ලක් වූවෝ අධ්‍යාපනපති විභාග අක‍්‍රමිකතා ජනපතිට ලියති. අපට සාධාරණය ඉටු කරන්න", "අධ්‍යාපනපති උපාධි අවසාන පරීක්ෂණයේ ප‍්‍රශ්න පත‍්‍ර කලින් පිටවූ බව විමර්ශන කමිටුව සොයා ගනී. මෙහෙව් ගුරුන් මොටද ඉතින්, හා ,ගුරු සිත නොරිදවා විශේෂාංගයේ යලිත් ඒ සෙවනැලි" යන උධෘත යටතේ අසත්‍ය, අපහාසාත්මක පුවත්පත් වාර්තා පළ කර ඇති බවට ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ සභාපති, ආචාර්ය ජයන්ති ගුණසේකර මහත්මිය කර ඇති පැමිණිල්ල.

ඉහත පීසී/ආර්/166/2014/230 හා පීසී/ආර්/166/2014/220 අංක දරන පැමිණිලි එකිනෙකට සම්බන්ධ බැවින් එකවර විභාගයට ගන්නා ලදි.

තීරණය
විත්තියේ නීතිඥ මහතා හා පැමිණිල්ලේ නීතිඥ මහතා මණ්ඩලය වෙත කරුණු දක්වන ලදි. නිවැරදි කිරිමක් සකස් කර සතියක් තුළ මණ්ඩලය වෙත එවන ලෙස පැමිණිල්ලට දන්වන ලද අතර එම නිවැරදි කිරීම ලද පසු පුවත්පත වෙතට යොමු කරන ලෙස උපදෙස් දෙන ලදි.

පරීක්ෂණය පැවැත්වෙන ඉදිරි දිනය
2016.01.12


පැමිණිලි අංකය : පීසී/ආර්/166/2014/227

අන්තර්ගතය
2015.06.18 "මව්බිම" පුවත්පතේ "ඌව පරණගම ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් රාජකාරි පැහැර හරිනවා ප‍්‍රශ්න කරන්න ගියොත් බැන වදිනවා" යන උධෘතය යටතේ අසත්‍ය, අපහාසාත්මක පුවත්පත් වාර්තාවක් පළ කර ඇති බවට ඌව පරණගම ප‍්‍රාදේශීය ලේකම්, ජේ.එම්.චමිල ඉන්දික ජයසිංහ මහතා කර ඇති පැමිණිල්ල.

තීරණය
පැමිණිල්ල දින දෙකක් පැමිණ නැත. පැමිණිල්ල බහා තැබීමට තීරණය කරන ලදි.


පැමිණිලි අංකය : පීසී/ආර්/166/2015/232

අන්තර්ගතය
2015.10.04 "රිවිර ඉරිදා සංග‍්‍රහය" පුවත්පතේ "කඩුවෙල ගිනියම් කළ සමයංට වැරදුන තැන” යන උධෘතය යටතේ අසත්‍ය, අපහාසාත්මක පුවත්පත් වාර්තාවක් පළ කර ඇති බවට, වී.ජී.පී. නුවන්දි මහත්මිය කර ඇති පැමිණිල්ල.

තීරණය
විත්තියේ නීතිඥ මහතා හා පැමිණිලිකාරිය කරුණු මණ්ඩලය වෙත දන්වා සිටින ලදි. නිවැරදි කිරිමක් සකස් කර සතියක් තුළ මණ්ඩලය වෙත එවන ලෙස පැමිණිල්ලට දන්වන ලද අතර එම නිවැරදි කිරීම ලද පසු පුවත්පත වෙතට යොමු කරන ලෙස උපදෙස් දෙන ලදි.

පරීක්ෂණය පැවැත්වෙන ඉදිරි දිනය
2016.02.23


පැමිණිලි අංකය : පීසී/ආර්/166/2013/127

අන්තර්ගතය
2013.04.09 ලංකාදීප නිලවරණයේ දී මත්පැන් සාද පවත්වා ඡුන්ද අක‍්‍රමිකතා සිදු කළාලූ, 2013.04.08 ලංකාදීප, දඹුල්ල සමූපකාර ඡන්දෙට ආ කොමසාරිස්වරයෙකු ඇතුළු පරීක්ෂකවරු පිරිසක් ඡන්ද අපේක්ෂකයෝ සමඟ මත්පැන් සාදයක, සහ 2013.05.22 ලංකාදීප, දෙපාර්තමේන්තු අධීක්ෂණයකින් තොරව දඹුල්ල සමූප නිලවරණය තබා අධ්‍යක්ෂ මණ්ඩලය පත් වෙලා, යන උධෘත යටතේ අසත්‍ය, අපහාසාත්මක පුවත්පත් වාර්තා පළ කර ඇති බවට දඹුල්ල, සී/ස. රංගිරි දඹුල්ල විවිධ සේවා සමූපකාර සමිති සභාපති, කේ.ජි. අබේරත්න මහතා කර ඇති පැමිණිල්ල.

තීරණය
පුවත්පතේ නිවැරදි කිරීමක් පළ කිරීමට දෙපාර්ශවය එකඟතාවයක්් ඇති වේ නම් ඒ පිළිිිිබඳව ඊළඟ පරීක්ෂණ දින සඳහන් කරන ලෙස දන්වන ලදි. එසේම වගඋත්තරකාර පාර්ශවය විසින් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන සාක්ෂිකාරිය ඊළඟ පරීක්ෂණ දිනට කැඳවන ලෙස උපදෙස් දෙන ලදි.

පරීක්ෂණය පැවැත්වෙන ඉදිරි දිනය
2015.12.08


පැමිණිලි අංකය : පීසී/ආර්/166/2013/138

අන්තර්ගතය
2013.04.21 දින ඉරිදා ලංකාදීප පුවත්පතේ "දඹුල්ල සමූපේ බලය ගන්න කළ අරගල" යන උධෘතය යටතේ අසත්‍ය, අපහාසාත්මක පුවත්පත් වාර්තාවක් පළ කර ඇති බවට දඹුල්ල, සී/ස. රංගිරි දඹුල්ල වි.සේ.ස. සමිතියේ සභාපති කේ.ජී. අබේරත්න මහතා කර ඇති පැමිණිල්ල.

තීරණය
පුවත්පතේ නිවැරදි කිරීමක් පළ කිරීමට දෙපාර්ශවය එකඟතාවයක්් ඇති වේ නම් ඒ පිළිබඳව ඊළඟ පරීක්ෂණ දින සඳහන් කරන ලෙස දන්වන ලදි. එසේම වගඋත්තරකාර පාර්ශවය විසින් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන සාක්ෂිකාරිය ඊළඟ පරීක්ෂණ දිනට කැඳවන ලෙස උපදෙස් දෙන ලදි.

පරීක්ෂණය පැවැත්වෙන ඉදිරි දිනය
2015.12.08


පැමිණිලි අංකය : පීසී/ආර්/166/2014/180

අන්තර්ගතය
2013.04.02 හා 2013.04.04 දිනවල මව්බිම දිනපතා පුවත්පතේ (රුහුණු අතිරේකය) "නිවෙසකට අත්බෝම්බ ප‍්‍රහාරයක් එල්ල කළ සැකකරු අත් අඩංගුවට හා පෙම්වතියගේ නිවසට බෝම්බ ගැසූ පෙම්වතා රක්ෂිතයට" යන උධෘතය යටතේ අසත්‍ය, අපහාසාත්මක පුවත්පත් වාර්තාවක් පළ කර බවට කේ.ඩි.ජේ.සුරේෂ් මහතා කර ඇති පැමිණිල්ල.

තීරණය
පැමිණිලි පාර්ශවයේ කිසිදු නියෝජනයක් නොවූණිි. තවද යම් දිනක පැමිණිලි පාර්ශවයේ ඉල්ලීීමකට අනුව පරීක්ෂණ පැවැත්වීමට යටත්ව පැමිණිල්ල බහා තැබීමට තීරණය කරන ලදි.


පැමිණිලි අංකය : පීසී/ආර්/166/2014/187

අන්තර්ගතය
2014.06.04 මව්බිම දිනපතා පුවත්පතේ "භාවනා මධ්‍යස්ථානයක් මුවාවෙන් හන්තානේ හෝටලයක් හදන්න යය" යන උධෘතය යටතේ අසත්‍ය, අපහාසාත්මක පුවත්පත් වාර්තාවක් පළ කර ඇති බවට පූජ්‍ය අතරගල්ලේ ධම්මාලංකාර ස්වාමීන් වහන්සේ කර ඇති පැමිණිල්ල.

තීරණය
පැමිණිලි පාර්ශවයේ කිසිදු නියෝජනයක් නොවූණිි. තවද යම් දිනක පැමිණිලි පාර්ශවයේ ඉල්ලීීමකට අනුව පරීක්ෂණ පැවැත්වීමට යටත්ව පැමිණිල්ල බහා තැබීමට තීරණය කරන ලදි.


පැමිණිලි අංකය : පීසී/ආර්/166/2014/217

අන්තර්ගතය
2014.12.14 "ඉරිදා ලංකාදීප" පුවත්පතේ "කොටි වැනසූ යානයේ නියමුවා ජීවතුන් අතරද” යන උධෘතය යටතේ අසත්‍ය, අපහාසාත්මක පුවත්පත් වාර්තාවක් පළ කර ඇති බවට සෙව්වන්දි නානායක්කාර මහත්මිය කර ඇති පැමිණිල්ල. 

තීරණය
දෙපාර්ශවයේම නියෝජනයක් නොවූ බැවින් අවසාන දිනයක් නියම කර එදිනට අනිවාර්යයෙන් සහභාගි වන ලෙස දැනුම් දීමට උපදෙස් දෙන ලදි. එදිනට ද පැමිණිල්ලේ සහභාගිත්වයක් නොවුණහොත් පැමිණිල්ල නිෂ්ප‍්‍රභ කිරීමට තීරණය කරන ලදි.

පරීක්ෂණය පැවැත්වෙන ඉදිරි දිනය
2015.12.08


පැමිණිලි අංකය : පීසී/ආර්/166/2014/218

අන්තර්ගතය
2014.12.14 "ඉරිදා ලක්බිම" පුවත්පතේ "අවුරුදු 14 කට පෙර කොටි ප‍්‍රහාරයකින් අතුරුදහන් වූ ගුවන් නියමුවකු විදෙස් රටක ජීවතුන් අතර” යන උධෘතය යටතේ අසත්‍ය, අපහාසාත්මක පුවත්පත් වාර්තාවක් පළ කර ඇති බවට සෙව්වන්දි නානායක්කාර මහත්මිය කර ඇති පැමිණිල්ල.

තීරණය
දෙපාර්ශවයේම නියෝජනයක් නොවූ බැවින් අවසාන දිනයක් නියම කර එදිනට අනිවාර්යයෙන් සහභාගි වන ලෙස දැනුම් දීමට උපදෙස් දෙන ලදි. එදිනට ද පැමිණිල්ලේ සහභාගිත්වයක් නොවුණහොත් පැමිණිල්ල නිෂ්ප‍්‍රභ කිරීමට තීරණය කරන ලදි.

පරීක්ෂණය පැවැත්වෙන ඉදිරි දිනය
2015.12.08


පැමිණිලි අංකය : පීසී/ආර්/166/2014/226

අන්තර්ගතය
2015.06.14 "ලංකා ඉරිදා සංග‍්‍රහය" පුවත්පතේ "හඞ්ඩා යලි ගුවන් විදුලියට” යන උධෘතය යටතේ අසත්‍ය, අපහාසාත්මක පුවත්පත් වාර්තාවක් පළ කර ඇති බවට හඞ්සන් සමරසිංහ මහතා කර ඇති පැමිණිල්ල.

තීරණය
දෙපාර්ශවයේ කිසිදු නියෝජනයක් නොවූණිි. තවද යම් දිනක පැමිණිලි පාර්ශවයේ ඉල්ලීිමකට අනුව පරීක්ෂණ පැවැත්වීමට යටත්ව පැමිණිල්ල බහා තැබීමට තීරණය කරන ලදි.


පැමිණිලි අංකය : පීසී/ආර්/166/2014/230

අන්තර්ගතය
2013.01.27, 2013.06.16 හා 2013.07.14 දිනැති දිවයින ඉරිදා සංග‍්‍රහය පුවත්පත්වල පිළිවෙලින් "අධ්‍යාපනපති විභාග අක‍්‍රමිකතා ගැන පූර්ණ පරීක්ෂණයක්", "අධ්‍යාපනපති විභාග වංචා සඟවන්න වලිකය" හා "සොරකම් කළ විභාගයක්" යන උධෘත යටතේ අසත්‍ය, අපහාසාත්මක පුවත්පත් වාර්තා පළ කර ඇති බවට ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ සභාපති, ආචාර්ය ජයන්ති ගුණසේකර මහත්මිය කර ඇති පැමිණිල්ල.

තීරණය
වගඋත්තර පාර්ශවයේ නියෝජනයක් නොවුණි. එසේම පැමිණිලි පාර්ශවය විසින් ඉදිරිපත් කරන ලද ලිඛිත දේශන වගඋත්තර පාර්ශවය වෙත යැවීමට තීරණය කරන ලදි. මීළඟ පරීක්ෂණ දින වගඋත්තර පාර්ශවය නොපැමිණියහොත් ඒකපාර්ශවිකව පරීක්ෂණ කටයුතු කිරීමට තීරණය කරන ලදි.

පරීක්ෂණය පැවැත්වෙන ඉදිරි දිනය
2015.12.08


පැමිණිලි අංකය : පීසී/ආර්/166/2014/220

අන්තර්ගතය
2013.01.21, 2013.02.11, 2013.07.08 හා 2015.02.02 දිනැති "දිවයින" දිනපතා පුවත්පත්වල පිළිවෙලින් "අධ්‍යාපනපති විභාගයේත් හිල් සමාන අත් අකුරු සහිත උත්තර පත‍්‍ර දෙකකින් හොරේ එළියට", "අසාධාරණයට ලක් වූවෝ අධ්‍යාපනපති විභාග අක‍්‍රමිකතා ජනපතිට ලියති. අපට සාධාරණය ඉටු කරන්න", "අධ්‍යාපනපති උපාධි අවසාන පරීක්ෂණයේ ප‍්‍රශ්න පත‍්‍ර කලින් පිටවූ බව විමර්ශන කමිටුව සොයා ගනී. මෙහෙව් ගුරුන් මොටද ඉතින්, හා ,ගුරු සිත නොරිදවා විශේෂාංගයේ යලිත් ඒ සෙවනැලි, යන උධෘත යටතේ අසත්‍ය, අපහාසාත්මක පුවත්පත් වාර්තා පළ කර ඇති බවට ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ සභාපති, ආචාර්ය ජයන්ති ගුණසේකර මහත්මිය කර ඇති පැමිණිල්ල.

තීරණය
වගඋත්තර පාර්ශවයේ නියෝජනයක් නොවුණි. එසේම පැමිණිලි පාර්ශවය විසින් ඉදිරිපත් කරන ලද ලිඛිත දේශන වගඋත්තර පාර්ශවය වෙත යැවීමට තීරණය කරන ලදි. මීළඟ පරීක්ෂණ දින වගඋත්තර පාර්ශවය නොපැමිණියහොත් ඒකපාර්ශවිකව පරීක්ෂණ කටයුතු කිරීමට තීරණය කරන ලදි.

පරීක්ෂණය පැවැත්වෙන ඉදිරි දිනය
2015.12.08


පැමිණිලි අංකය : පීසී/ආර්/166/2014/227

අන්තර්ගතය
2015.06.18 "මව්බිම" පුවත්පතේ "ඌව පරණගම ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් රාජකාරි පැහැර හරිනවා ප‍්‍රශ්න කරන්න ගියොත් බැන වදිනවා" යන උධෘතය යටතේ අසත්‍ය, අපහාසාත්මක පුවත්පත් වාර්තාවක් පළ කර ඇති බවට ඌව පරණගම ප‍්‍රාදේශීය ලේකම්, ජේ.එම්.චමිල ඉන්දික ජයසිංහ මහතා කර ඇති පැමිණිල්ල.

තීරණය
පැමිණිලි පාර්ශවයේ නියෝජනයක් නොවුණ බැවින් ඉදිරි දිනයක් නියම කරන ලදි.

පරීක්ෂණය පැවැත්වෙන ඉදිරි දිනය
2015.12.08


පැමිණිලි අංකය : පීසී/ආර්/166/2014/163

අන්තර්ගතය
2013.12.08 "දිවයින ඉරිදා" පුවත්පතේ "මේ එන්නේ අපගේ මිතුරෙකි. ඔහුට ටෙන්ඩරය ලබා දෙන්න" යන උධෘතය යටතේ අසත්‍ය, අපහාසාත්මක පුවත්පත් වාර්තාවක් පළ කර ඇති බවට නියෝජ්‍ය පොලිස්පති නීතිඥ ගාමිණී දිසානායක මහතා කර ඇති පැමිණිල්ල

තීරණය
නිවැරදි කිරිමක් සකස් කර සතියක් තුළ මණ්ඩලය වෙත එවන ලෙස පැමිණිල්ලට දන්වන ලද අතර එම නිවැරදි කිරීම ලද පසු පුවත්පත වෙතට යොමු කරන ලෙස උපදෙස් දෙන ලදි.

පරීක්ෂණය පැවැත්වෙන ඉදිරි දිනය
2015.11.17


පැමිණිලි අංකය : පීසී/ආර්/166/2014/212

අන්තර්ගතය
2014.11.09 "ලක්බිම ඉරිදා සංග‍්‍රහය" පුවත්පතේ "පොලීසියට ලැබුණු පැමිණිලි ලක්ෂයක් විසඳා නැහැ" යන උධෘතය යටතේ අසත්‍ය, අපහාසාත්මක පුවත්පත් වාර්තාවක් පළ කර ඇති බවට නියෝජ්‍ය පොලිස්පති නීතිඥ ගාමිණී දිසානායක මහතා කර ඇති පැමිණිල්ල

තීරණය
නිවැරදි කිරිමක් සකස් කර සතියක් තුළ මණ්ඩලය වෙත එවන ලෙස පැමිණිල්ලට දන්වන ලද අතර එම නිවැරදි කිරීම ලද පසු පුවත්පත වෙතට යොමු කරන ලෙස උපදෙස් දෙන ලදි.

පරීක්ෂණය පැවැත්වෙන ඉදිරි දිනය
2015.11.17


පැමිණිලි අංකය : පීසී/ආර්/166/2014/214

අන්තර්ගතය
2014.11.11 "ලක්බිම දිනපතා" පුවත්පතේ "පොලීසියේ ප‍්‍රධාන රාජකාරි අත් හැරීම" යන උධෘතය යටතේ අසත්‍ය, අපහාසාත්මක පුවත්පත් වාර්තාවක් පළ කර ඇති බවට නියෝජ්‍ය පොලිස්පති නීතිඥ ගාමිණී දිසානායක මහතා කර ඇති පැමිණිල්ල

තීරණය
නිවැරදි කිරිමක් සකස් කර සතියක් තුළ මණ්ඩලය වෙත එවන ලෙස පැමිණිල්ලට දන්වන ලද අතර එම නිවැරදි කිරීම ලද පසු පුවත්පත වෙතට යොමු කරන ලෙස උපදෙස් දෙන ලදි.

පරීක්ෂණය පැවැත්වෙන ඉදිරි දිනය
2015.11.17


පැමිණිලි අංකය : පීසී/ආර්/166/2014/199

අන්තර්ගතය
2014.08.24 දින "ලංකා ඉරිදා සංග‍්‍රහය" පුවත්පතේ "ගණිකා මඩම් පිටුපස සුමේධා" යන උධෘතය යටතේ අසත්‍ය, අපහාසාත්මක පුවත්පත් වාර්තාවක් පළ කර ඇති බවට දියුණුගේ හසංගි නවෝදිනි වීරසේකර මහත්මිය කර ඇති පැමිණිල්ල.

තීරණය
පැමිණිලිකාරිය නොපැමිණි බැවින් එම පාර්ශවයේ නීතිඥ මහතාගේ ඉල්ලීමට අනුව 2015.11.17 දිනයක් ලබා දෙන ලදි. වගඋත්තකරුට නොතීසි කරන ලදි.

පරීක්ෂණය පැවැත්වෙන ඉදිරි දිනය
2015.11.17


පැමිණිලි අංකය : පීසී/ආර්/166/2014/192

අන්තර්ගතය
2014.07.04 දින "ලංකාදීප දිනපතා" පුවත්පතේ "නිවසක ගොඩගසා තිබූ අනවසර දැව අත්අඩංගුවට ගන්නවාට ග‍්‍රාම නිලධාරී හරස් වෙය" යන උධෘතය යටතේ අසත්‍ය, අපහාසාත්මක පුවත්පත් වාර්තාවක් පළ කර ඇති බවට පලාගල ප‍්‍රාදේශීය ලේකම් කේ.ජී.එස්.ජී. කලූආරච්චි මහතා කර ඇති පැමිණිල්ල.

තීරණය
පුවත්පතේ නිවැරදි කිරීමක් සහිත ප‍්‍රවෘත්ති වාර්තාවක් පළ කර ඇති බැවින් ඒ පිළිබඳ තීරණය ඊළඟ පරීක්ෂණ දින දන්වන ලෙසට පැමිණිලි පාර්ශවයට දැනුම් දෙන ලදි.

පරීක්ෂණය පැවැත්වෙන ඉදිරි දිනය
2015.11.17


පැමිණිලි අංකය : පීසී/ආර්/166/2014/203

අන්තර්ගතය
2014.09.30 දින "අද දිනපතා" පුවත්පතේ "මැර ප‍්‍රහාර එල්ල වූ මුද්‍රණ දෙපාර්තමේන්තු වෘත්තීය සමිති නායකයන්ට සාධාරණය ඉටු කරන්න" යන උධෘතය යටතේ අසත්‍ය, අපහාසාත්මක පුවත්පත් වාර්තාවක් පළ කර ඇති බවට රජයේ මුද්‍රණ සේවා සංගමයේ සභාපති එම්.එම්.ඒ.සරත්චන්ද්‍ර මහීපාල මහතා කර ඇති පැමිණිල්ල.

තීරණය
දෙපාර්ශවයම පැමිණ නොසිටි බැවින් තවත් දිනයක් දීමට තීරණය කර දැනුම් දීමක් කරන ලදි.

පරීක්ෂණය පැවැත්වෙන ඉදිරි දිනය
2015.11.17


පැමිණිලි අංකය : පීසී/ආර්/166/2014/211

අන්තර්ගතය
2014.10.10 දින "දිවයින දිනපතා" පුවත්පතේ "අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයා රාජකාරි කැබිරිය කුලියට දීලා" යන උධෘතය යටතේ අසත්‍ය, අපහාසාත්මක පුවත්පත් වාර්තාවක් පළ කර ඇති බවට නීතිඥ ආරියසේන ගාල්ලගේ මහතා කර ඇති පැමිණිල්ල.

තීරණය
පැමිණිලි පාර්ශවය 2015.09.22 පරීක්ෂණ පැවැත්වෙන දින පැමිණිය නොහැකි බව ලිඛිතව දැනුම් දී ඇති බැවින් දිනයක් ලබා දෙන ලදි.

පරීක්ෂණය පැවැත්වෙන ඉදිරි දිනය
2015.11.17

 

 

Read 250 times